-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොලඹ 07 තුම්මුල්ලේ සම්බුද්ධත්ව ජයත්නි මන්දිරයේ පිහිටි බොදුබල සේනා මූලස්ථානය අසලදී ස්වාමීන්වහන්සේලා කිහිපනමක් ගුටිබැට හුවමාරු කරගෙන ඇතැයි වාර්තා වේ.

රාජගිරිය ප‍්‍රදේශයේ පිහිටි පන්සලක අයිතිය සම්බන්ධයෙන් මෙම ආරවුල ඇතිවී ඇතැයි බම්බලපිටිය පොලීසියට කරන ලද පැමිණිල්ලක සඳහන් වන අතර බොදු බල සේනා මූලස්ථානය ඉදිරිපිට විරෝධතාවයක නිරතවීමට උත්සාහ කළ අවස්ථාවේදී මෙම පහරදීම සිදු කර ඇති බවද පැමිණිල්ලේ සඳහන්ය.

සිද්ධියෙන් තුවාල ලැබූ භික්‍ෂුන් වහන්සේ නමක් කොළඹ ජාතික රෝහලට ඇතුළත්කර ඇති අතර උන් වහන්සේගේ දතක් පහර දීමෙන් කැඞී ඇතැයිද වාර්තා වේ.

මේ පිළිබදව අදහස් දක්වන පහර කෑමට ලක් වූ මැලැවුවේ කළ්‍යාණ ධම්ම හිමියෝ මෙසේ පවසති.
“කුලය පදනම් කරගනිමින් සාමණේර හිමිවරු ලියා පදිංචි කිරීම පිළිබඳව නායක හාමුදුරුවන් සමග ඇතිවූ මත ගැටුමකින් පසුව, බලහත්කාරයෙන් මැදිහත්වුණු ඥාණසාර හිමියන් මාව පන්සලෙන් පන්නා දම්මා. සාමණේර හිමිවරුත් රෑගෙන මම දැන් ඉන්නේ ගෙදෙරක කාමරයක් කුලියට අරගෙන. ගෝල හිමිවරුන් එක්ක මම ආවේ පදිංචියට පන්සලක් හොයා දෙන ලෙස ඉල්ලා සිටීමටයි.”

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් පැවසුවේ තම සංවිධානයට විරුද්ධව විවිධ කුමන්ත‍්‍රණ මේ මොහොතේ දියත් වෙමින් ඇති බවත් මෙයද එහි එක් පියවරක් විය හැකි බවත්ය. තවද මෙය පන්සල් දෙකක් අතර වන ගැටුමක් මිස තම සංවිධානයේ ගැටුමක් නොවන බවත් උන් වහන්සේ පැවසූහ. බම්බලපිටියේ දී බෞද්ධ භික්ෂුවකට පහරදීමක් පිළිබඳ තමන් කිසිවක් නොදන්නා බවද පැවසූ උන් වහන්සේ විහාරස්ථානයෙන් පිට කාමරයක ජීවත්වීම පිළිබඳව සිද්ධියට සම්බන්ධව කල්‍යාණ ධම්ම හිමියන්ට අවවාද කළ බව පිළිගෙන තවත් විටෙක ප්‍රකාශ කළේ මැලැව්වේ කල්‍යාණ ධම්ම හිමි නොහඳුණන බවයි.

සම්බුද්ධත්ව ජයන්ති මන්දිරය ඉදිරිපිට මෙවන් සිදුවීමන් සිදුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇති බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලයද තහවුරු කලේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos