-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජපානයේ නිෂ්පාදිත අඩු සැර මත්පැන් රූපවාහිනී දැන්වීමක් සඳහා සීගිරිය පර්වතයේ දර්ශන යොදා ගෙන තිබේ. මෙම දැන්වීම අන්තර්ජාලයේ එම මත්පැන් සමාගමේ වබේ අඩවිය ඔස්සේ නැරඹීමටද පුළුවන.

විශාල වියදමක් දරා නිෂ්පාදනය කර ඇති  මෙම දැන්වීමේ තරුණයන් ආහාර ගනිමින් විනෝද වෙමින් අදාළ මත්පැන් පානය කරන අන්දමත්, ඊට පසු එම දර්ශන තලය සීගිරිය පර්වතයේ ගුවන් ඡායාරූපයක් හා මුසුවීමත් වේ. එම අඩු සැර මත්පැන් කෑන් සහ වීදුරුව සීගිරිය පර්වතය පසුබිමේ දී තිරයට පිවිසේ.
දැන්වීමේ සංකල්පය වන්නේ එම මත්පැන් පානය කිරීමෙන් සීගිරිය පව්ව මෙන් ප්‍රෙෘඪත්වයක් ආරූඪ වන බව පෙන්වීමය. යුනෙස්කෝ ලෝක සංස්කෘතික උරුමයක් වන සීගිරිය ක්‍රිස්තු පූර්ව යුගයේ බෞද්ධ ආරාම සංකීර්ණයක් වශයෙන්ද තිබූ ස්ථානයකි.

5 වැනි සියවසේ කාශ්‍යප රජ සමයේදී සීගිරිය ජාත්‍යන්තර සම්බන්ධතා සහිත දැකුම්කළු නගරයක් බවට පත් කෙරිණි. මෙහි ඇති පුරා විද්‍යාත්මක සහ සංස්කෘතික වටිනාකම නිසා යුනෙස්කෝ සංවිධානය එය ලෝක සංස්කෘතික උරුමයක් වශයෙන්ද නම් කළේය.

පුරා විද්‍යාත්මක ස්මාරක රූපගත කිරීමේදී ඒ සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය ගත යුතුය. එවැනි ස්මාරක දැන්වීම් සඳහා යොදා ගැනීමට අවසර දෙන්නේ ඒවායින් අදාළ ස්ථානයේ වටිනාකමට හානියක් නොවන්නේ නම් පමණි.

එවැනි තත්ත්වයක් පවතිද්දී සීගිරියේ රූප රාමු විදේශීය මත්පැන් වර්ගයක් සඳහා යොදා ගන්නේ කෙසේදැයි ගැටලුවකි. මෙය මෙරට ජාතික උරුමයකට කළ බලවත් නිග්‍රහයකැයි විද්වත්හු පෙන්වා දෙති.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos