-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ලෙබනනයේ දවුරා නගරයේ දී අභිරහස්‌ ලෙස කපා කොටා ඝාතනය කර කසළ ගොඩක දමා තිබියදී හමුවූ තොඩුවාව ප්‍රදේශයේ පදිංචිව සිටි නානායක්‌කාර පටබැඳිගේ දිලීකා වර්ණකුලසූරිය මධුශානි නමැති 32 හැවිරිදි අවිවාහක තරුණියගේ මළසිරුර පිළිබඳව මීගමුව දිසා රෝහලේ දී මරණ පරීක්‌ෂණය පවත්වා මියගිය තරුණියගේ මව වන මිස්‌සගේ මරියා (50) යන අයට සිරුර භාරදෙන ලදී. 

එහිදී මියගිය තරුණියගේ මව මෙසේ සාක්‌ෂි දුන්නාය. 

මියගිය දුව මගේ වැඩිමහල් දුවයි. එයා මීට වසර 12 කට පමණ පෙර ලෙබනන් රටේ ගෘහ සේවයට ගියා. එයා අපේ ගෙවල් ළඟ කෙනෙක්‌ වන ඥති සොහොයුරියක්‌ එක්‌කමයි වැඩකළේ. 

මගේ දුව දිලීකා සෑම වසර දෙකකටම සැරයක්‌ ලංකාවට එනවා. ආපසු යනවා. සතියකට එක වතාවක්‌ හෝ දෙකක්‌ ස්‌කයිප් හෝ ටෙලිෙµdaනයෙන් කතා කරනවා. එයා අවිවාහකයි.
පසුගිය මාර්තු මාසේ 01 වැනිදා දුව කතා කළා. දින 04 කට පමණ පසු එහේ එයාගේ යාළුවෙක්‌ වන අනුෂා කතා කරල කීවා දුව කාමරයේ නැහැ කියලා. එයාගේ දුරකථනය නාද වෙනවා ඒත් ගන්නේ නැහැ කීවා. පහුවදා එයා කතා කරල කීවා අපේ දුවගේ මළසිරුර දවුරා නගරයේ කුණු ගොඩක තිබෙන බව.

මම දන්න තරමට දුවට පෙම්වතෙක්‌ නම් හිටියේ නැහැ. ඒත් එයා ඒජන්සිකරුවෙක්‌ සමග අනියම් ප්‍රේම සම්බන්ධයක්‌ තිබිල තියෙනවා. එයාගේ බිරිඳගේ මවයි, පියයි අපේ ගෙදරට ඇවිත් තර්ජනය කර ගියා. එක දවසක්‌ ඔහු කී දේ මම අපේ දුවට කීවා. දුව එය පිළිගත්තා.

ලෙබනන් රාජ්‍යයෙන් ශ්‍රී ලංකාවට එවීමෙන් පසු මීගමුව දිසා මහ රෝහලේ හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා විසින් මෙය හිසට සිදුවී ඇති බහුවිධ තුවාල හේතුවෙන් සිදුවූ හදිසි මරණයක්‌ බව නිගමනය කර ඇත. මෙය මිනිස්‌ ඝාතනයක්‌ බවට සැක බැවින් මීගමුව මහෙස්‌ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කරන බවත් හදිසි මරණ පරීක්‍ෂකවරයා පැවසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos