ලෙජන්ඩ්ස් එෆ්.එම්. 96.6 ඔස්සේ ගුවනට මුසු වෙයි
එම්.ටී.වී. / එම්.බී.සී. මාධ්‍ය ජාලයේ නවතම ගුවන්විදුලි නාලිකාව වන ලෙජන්ඩ්ස් එෆ්.එම්. නාලිකාව තරංග මාලා 96.6 ඔස්සේ සුබ මොහොතින් අද ගුවනට මුසු කෙරිණ. ඒ අනුව අද පස්වරු 7.01ට යෙදුණු සුබ මොහොතින් ලෙජන්ඩ්ස් එෆ්.එම්. නාලිකාව ශ්‍රී ලංකාවේ සුවහසක් ශ්‍රාවකයන් සමඟ එක් විය.
එහි අත්හදා බැලීමේ විකාශ කටයුතු පසුගිය 8 වැනිදා අරම්භ කෙරුණු අතර එදින සිටම ශ්‍රාවකයෝ දැඩි ආශ්වාදයකින් යුතුව ලෙජන්ඩ්ස් එෆ්.එම්. නාලිකාව වෙත ඒකරාශී වූහ.
ලෙජන්ඩ්ස් එෆ්.එම්. අවුරුදු 35ත් 55ත් අතර වයසේ ශ්‍රාවකයින් ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වේ.
මෙම නාලිකාව ඔස්සේ 1960,1970, 1980 හා 1990 දශකවල ජනප්‍රිය ඉංග්‍රීසි ගීත තිලිණ කෙරෙනු ඇති.