-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මතකද දන්නේ නෑ සුරංගි කෝසලාව? මුතු කිරිල්ලී ටෙලියේ නපුරු උද්දච්ච මාධවීගේ චරිතය රඟපාපු සුරංගි අද ටිකක් සද්ද බද්ද නෑ වගේ කියලා හිතුණ හින්දා අපි අද එයා ගැන ටිකක් හොයලා බලන්න හිතුවා.

නපුරු මාධවීට රඟපාපු සුරංගි දැන් ටීචර් කෙනෙක්නේ. පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලයේ උසස් පෙළ ළමයින්ට නාට්‍ය හා රංග කලාව උගන්වන්නේ සුරංගි තමයි.
ඉතින් සුරංගි කොහොමද මේ දවස්වල වැඩ එහෙම? ඉස්කෝලේ වැඩනම් ඕන තරම් තියෙනවා. බබාගේ වැඩත් ඉතින් එහෙම්මම තමයි. බොරු කියන්න ඕන නෑනේ. කලාව පැත්තෙන්නම් කියන්න තරම් අලුත් වැඩක් භාරගත්තේ නෑ. කරපු නිර්මාණනම් තියෙනවා තාම විකාශනය නොවුණු. මෙගා රැල්ල නිසා ඒවා විකාශනය කරගන්න බැරුවයි ඉන්නේ.

අලුතෙන් ආරාධනා එහෙම ලැ‍බුණේ නැද්ද? ආරාධනානම් ලැබුණා. හැබැයි මෙගා නාට්‍යවලින්. ඉස්කෝලේ උගන්වන එකත් එක්ක මෙගා නාට්‍යවලට කැප කරන්න තරම් වෙලාවක් නෑනේ. ඒ නිසා කරන්න දෙයක් නෑ. “රත්නාවලී” වේදිකා නාට්‍යයි “නැට්ටුක්කාරී” වේදිකා නාට්‍යයි කරනවා. බබාටත් අවුරුද්දක් වෙන්නේ ලබන මාසේදී. ඉතින් එයත් පොඩි නිසා නිර්මාණවලට යන්න ලැබෙන කාලය අඩුයි.

රඟපාන කොට සුරංගිට අමතක වෙන්නේ නැති සිදුවීම් එහෙමත් වෙලා ඇතිනේ. ඒ වගේ අත්දැකීමක් මතක් කරොත්… “අම්මෝ… ඔව්. ඕනතරම් වෙලා තියෙනවා. මාවෝ ලක්ෂිතගේ ‘ජජ්ජර නදී’ ටෙලියේ රූගත කිරීම් තිබුණා කුරුණෑගල පැත්තේ. එතනදී පොඩි ළමයෙක් එක්ක වැවක නාන ‍සීන් එකකතු තිබුණා. මම එතනට වෙලා ඉද්දී අර පොඩි ළමයා එක පාරටම වතුරට පැන්නා.

ඇත්තටම කි‍ව්වොත් පැන්නද වැටුණද කියලානම් මං දන්නේ නෑ. මං එකපාරටම තනි අතින් පොඩි ළමයාව ඇදලා ගත්තා. මගේ අත් ඔක්කොම සීරිලා. ඒත් මටම හිතාගන්න බෑ මං ඒ වගේ දෙයක් කරාද කියලා. ඒ නිසාමද කොහෙද කවුරු හරි අමතක වෙන්නේ නැති දෙයක් අහපු ගමන් මතක් වෙන්නේ ඔය සිද්ධියම තමයි”

සුරංගිට වැඩත් වැඩි එකේ අපි වැඩිය කතා කරන්න ගියේ නෑ. කොහොම හරි ළඟදිම දවසක සුරංගිගේ අලුත් විස්තර ටිකකුත් අරගෙන ඔයාලට කියන් කියලා හිතාගෙන අපි එතනින් සමුගත්තා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos