ධාවනය වෙමින් තිබූ මෝටර් රථයකට යට වීමෙන් කිසිදු අනතුරකට ලක් නොවී බේරුණු සය හැවිරිදි දරුවෙකු පිළිබඳ පුවතක් චීනයෙන් වාර්තා වේ.
එම සිද්ධියට අදාළ දර්ශන ද මේ වන විට ඉන්ටර්නෙට් වෙත මුදා හැර තිබේ.
(මෙම වීඩියෝව සත්‍ය සිදුවීමක දර්ශන ද යන්න තහවුරු කර නොමැත)
මෙම දරුවා මාර්ගයේ හිඳගෙන යම් කිසි කාර්යයක නිරතව සිටින අතර එම අවස්ථාවේ අදාළ මෝටර් රථය දරුවා යට කර ගෙන ගමන් කරයි.
මෝටර් රථය ගිය පසු දරුවා සැනෙකින් නැගිට මාර්ගයෙන් ඉවතට ගමන් කරන ආකාරය ද අදාළ දර්ශන පෙළේ දැක ගත හැකි ය.


