-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ෆේස්බුක් නිර්මාතෘ මාක් සකර්බර්ග්ට එරෙහිව උතුරු කැලිෆෝනියාවේ ඉඩම් ව්‍යාපාරිකයෙකු විසින් නඩුවක් පවරනු ලැබ තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ,  මිර්ෂියා වොස්කර්ෂියන් නම් ඉඩම් ව්‍යාපාරිකයෙකු විසින් මෙම නඩු පැවරීම සිදු කරනු ලැබ ඇති බව ය.
ඔහු පවසා ඇත්තේ, සකර්බර්ග් තමන් සමග තිබූ කොන්ත්‍රාත්තුව කඩ කළ බැවින් නඩු මගට බැසීමට තීරණය කළ බව ය.
අර්බුදයට හේතු වී ඇත්තේ සකර්බර්ග්ගේ නිවස පිහිටි ඉඩම පිටුපස ඇති ඉඩමක් පිළිබඳ ගැටලුවකි.
ඔහු පවසන්නේ, සකර්බර්ග් එම ඉඩම සම්බන්ධයෙන් තමන්ට දුන් පොරොන්දු කඩ කර ඇති බව ය.
තම නිවස පිටුපසින් කිසිදු ඉදි කිරීමක් සිදු වනවාට තමන් අකමැති බව පවසමින් එම ඉඩම් කොටස වෙනුවෙන් සකර්බර්ග් අදාළ ව්‍යාපාරිකයාට කිසියම් මුදලක් ද ලබා දී තිබේ.
තව ද තමන්ට අලුත් ගනුදෙනුකරුවන් හඳුන්වා දෙන බවට ද සකර්බර්ග් අදාළ ව්‍යාපාරිකයාට පොරොන්දු වූ වී ඇත.
කෙසේ වෙතත් පොරොන්දු වූ පරිදි සකර්බර්ග් තමන්ට කිසිදු නව ගනුදෙනුකරුවෙකු හඳුන්වා නොදුන් බව ත් ඔහු සිය නඩුවේ වැඩි දුරට ත් සඳහන් කර තිබේ.
මෙම නඩු පැවරීම මීට මාසයකට පෙර සිදුවූවක් වුව ද එය සකර්බර්ග්ගේ 30වන උපන් දිනය යෙදී ඇති අද දිනයේ ම මාධ්‍ය ඔස්සේ පළ වීම විශේෂත්වයකි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos