බැංකු ලිපිකාරියට සිදු වු අත් වැරැද්දක් හේතුවෙන් රුපියල් තිස් දහසක මුදල් ප‍්‍රමාණය වෙනුවට ලබාදුන් රුපියල් ලක්ෂ තුනක මුදලින් වැඩිපුර මුදල නැවත බැංකුව වෙත පරිත්‍යාග කළ යුධ හමුදා කපිතාන්වරයෙකු සමිබන්ධයෙන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයෙන් වාර්තා වෙයි.
අනුරාධපුර ලංකා බැංකු ප‍්‍රධාන ශාඛාවට ලබාදුන් රුපියල් තිස් දහසක චෙක් පත වෙනුවෙන් බැංකු ලිපිකාරිනියට සිදු වු අත් වැරැද්දක් හේතුවෙන් රුපියල් ලක්ෂ තුනක මුදලක් ලද වන්නි ආරක්ෂක සේනා මුලස්ථාන 21 සේනාංකයේ යුධ හමුදා කපිතාන් රංජිත් වන්නිආරචිචි මහතා වෙත ලබා දී තිබේ.
අදාළ සිදුවීමට මුහුණ දුන් කපිතාන් වන්නිආරචිචි මහතා පැවසූවේ තමන් බැංකුවට ලබාදුන් රුපියල් තිස්දහසක චෙක්පත වෙනුවෙන් බැංකු ලිපිකාරිනිය රුපියල් පන්දහසේ මුදල් නොටිටු ලබාදුන් බවත්,අදාළ මුදල රැගෙන තමන්ගේ වාහනයට ගොස් නැවත පරීක්ෂා කිරීමේදි පන්දහසේ නෝටිටු 60 ක් ලැබි තිබු බව දක්නට ලැබුන බවත්,එහිදි තමන්ට ලද වැඩිපුර මුදල නැවත බැංකුව වෙත ලබාදුන් බවයි.
යුධ හමුදා කපිතාන්වරයාගේ අදාළ කි‍්‍රයාව මුදල් වෙනුවෙන් වැරදි සිදුකරන්නන් වෙත මහගු ආදර්ශයක් වන බැවි වන්නි ආරක්ෂක සේනා අඥාපති මේජර් ජෙනරල් බොනිෆස් පෙරේරා මහතා පැවසුවේය.


