‘සිරිකොතේ පඩිනඩි ගෙවා ගන්න බැරි තරමට එක්සත් ජාතික පක්ෂය වත්මන් නයකත්වය අද මේ දැවැන්ත පක්ෂය ඇද වට්ටලා තිබෙනවා’ යැයි එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත් සභා මන්ත‍්‍රී ජාතික පවුර සම සංවිධායක මෛත‍්‍රී ගුණරත්න මහතා පවසයි.
මෛත‍්‍රී ගුණරත්න මහතා මෙසේද සඳහන් කරයි.
‘අද පක්ෂය බංකොලොත් වීමට හේතුවෙලා තියෙන්නේ පක්ෂයේ දක්ෂ තරුණ නායකයන්ට මතු වෙන්න ඉඩ ලබා නොදිම තුළයි. සජිත්, දයාසිරි, කරු වගේ ජනතාව ඉල්ලන පක්ෂයේ ජවසම්පන්න චරිත යට කරලා පක්ෂය ජයග‍්‍රහණය කරා යන්න අසීරුයි. වත්මන් පක්ෂ නායකත්වයට එහෙයි කියන චරිත පාක්ෂිකයන් පිළිගන්නේ නෑ මේ ඇත්ත තේරුම් ගන්න තාක්කල් පක්ෂයට අනාගතයක් නෑ.
අපි මේ පක්ෂයට අදරෙයි අපි මේ දේවල් කියන්නේ පක්ෂයට ආදරේ නිසයි. නිහඩව එහෙයි කියාගෙන හිටියා නම් විනය පරීක්ෂණ එන්නේ නෑ. නමුත් පරදින එක්සත් ජාතික පක්ෂයක් නොවෙයි අපිට ඕනේ කරන්නේ. ජයග‍්‍රහණ කරන ජනතා සිතුම් පැතුම් ඉටු කරන ආණ්ඩුවක් ගන්න පුළුවන් එක්සත් ජාතික පක්ෂයක්.
අපේ අරමුණ පරාජිත පක්ෂයක සංවිධායකවරයෙකු ඉන්න එක නොවෙයි. මේ පක්ෂය ජයග‍්‍රහණය කරා මෙහෙය වන්න කටයුතු කරන එකයි’



