කළු ගඟ පිටාර ගැලීමට ආසන්න මට්ටමේ තිබෙන නිසා පහත් බිම්වල වාසය කරන ජනතාවට අවධානයෙන් පසුවෙන්නැයි ආපදා කළමණාකරණ දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් රත්නපුර, කුරුවිට, ඇලපාත, අයගම හා කලවාන ප‍්‍රදේශවල සිටින ජනතාවට කළු ගඟ පිටාර ගැලූවහොත් එම තත්ත්වය දැඩිව බලපාන බව ද දෙපාර්තමේන්තුව සඳහන් කරයි.