-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


බොදුබල සේනා සංවිධානය නෝර්වේ, අමෙරිකා ඇතුළු බටහිර රටවලින් මුදල් රැස් කළ බව ඔප්පු කළහොත් ජාතියෙන් සමාව ගෙන පැය 2ක් ඇතුළත බොදුබල සේනා සංවිධානය විසුරුවා හරින බව එහි මහලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමියෝ පවසති. විමල් වීරවංශ ඇමතිවරයා බොදුබල සේනා සංවිධානය එසේ බටහිර රටවලින් මුදල් ලබාගෙන ඇති බව ප්‍රකාශ කර ඇති බවත් එය ඔප්පු කර පෙන්වන ලෙසට තමන් එකී ඇමතිවරයාට අභියෝග කරන බවත් උන්වහන්සේ අවධාරණය කරයි.
බොදුබලසේනා සංවිධානය පිහිටුවීමටත් පෙර නෝර්වේ ගිය බවත් එසේ ගියේ මීට දෙවසරකට පෙර බවද ඥානසාර හිමියන් කියයි. තම සංවිධානය බටහිර රටවලින් ශත 5ක් හෝ ලබාගෙන නැති බවද ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරු ඩයස් පෝරාව කියන්නේ කුමක්දැයිවත් නොදන්නා බවද උන්වහන්සේ පෙන්වාදෙයි. ලංකාවෙත් ඩයස් පෝරාවක් හැදිය යුතු බවත් ඒ එල්.ටී.ටී.ඊ. සංවිධානයට උදව් නොකරන ඩයස් පෝරාවක් විය යුතු බවත් ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.
යූ.න් එක ඉදිරිපිට විමල් වීරවංශ ඇමතිවරයා උපවාස කරන විට පිරිත් නූල් බැඳ ආශිර්වාද කළේ තමන් වහන්සේ බවත් මාක්ස්වාදය ඉදිරියට දමාගෙන ශාස්තූවරයෙකු ලෙස බලයට පැමිණිය නොහැකි බව දැනගත් ඔහු ජාතිකවාදයට නැඹුරුවු බවත් ඥානසාර හිමියන් සඳහන් කරයි.එසේම ඇමති විමල් වීරවංශ මහතා ඉන්දියාවේ ශිවසේනා සංවිධානය සමග සම්බන්ධතා පවත්වන බවට විශාල සැකයක් පවතින බවද උන්වහන්සේ පවසයි.
බොදුබල සේනා සංවිධානය දෙකඩ වූ බව කියමින් ඇතැමුන් විවිධ ප්‍රචාර ගෙන ගිය බවත් එම ප්‍රකාශ සියල්ල බොරුවක් වී ඇති බවත් කොළඹදී අද (13/05/2013) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ පැවසීය.
තවද අසාද් සාලි මහතා අත්අඩංගුවට ගැන අදහස් දක්වමින් ඥනසාර හිමියන් පැවසුවේ ඔහු වෙනුවෙන් කෑ ගැසු විපක්ෂය සාලි කළ කී දෑ ගැන කිසිවක් නොදන්නා බවයි. අසාද් සාලි ඇතුළට ගිය ආකාරයට වීරයෙකු මෙන් එළියට පැමිණෙයි යැයි සිතුවද ඔහු එළියට ආවේ “පූස් පැටියෙක්“ මෙන් යැයිද උන්වහන්සේ පෙන්වාදුන්නේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos