අංගොඩ මානසික රෝහලෙන් ප‍්‍රතිකාර ලබා පිටවී ගොස් සිටින රෝගියෙකු වෙනුවෙන් රෝහල් බලධාරීන් විසින් රුපියල් ලක්ෂ 4 ක් පමණ වටිනා ඖෂධ මිලදී ගෙන ඔහුගේ නිවසටම ගෙනගොස් දී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
මේ මිල අධික ඖෂධ ගෙන්වා ඇත්තේ සාමන්‍යයෙන් රෝහල්වලට ඖෂධ ගෙන්වන පටිපටියෙන් පරිභාහිරව බවද සෞඛ්‍ය අමාතයංශයට ලැබුණු පැමිණිල්ලේ සදහන් වන බව අමාත්‍යංශ ආරංචි මාර්ග වලින් පැවසේ.
එන්නත් වර්ගයක් වන එම ඖෂධ රෝහල් වලින් මිලදී නොගන්නා අතර කිසියම් රෝගියෙකුට අවශ්‍ය වුවහොත් මිලදී ගෙන රෝහලට දෙන්න යැයි රෝගියාගේ ඥාතීන්ට දන්වන බවද කෙසේ වෙතත් එම රෝගියා වෙනුවෙන් රෝහල මගින් රුපියල් ලක්ෂ 4ක් වැය කර මෙම ඖෂධ මිලදී ගෙන ඇති බවද එම පැමිණිල්ලේ සදහන් වේ.