-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ්‍රී ලාංකීය ජංගම දුරකථන සන්නිවේදනයේ ප්‍රමුඛයා වන එටිසලාට්‌ ලංකා සමාගම "සුපර් රීලෝඩ්" නමින් සුවිශේෂ ප්‍රවර්ධන වැඩසටහනක්‌ පසුගියදා ක්‍රියාවට නංවන ලදී. එටිසලාට්‌ පෙරගෙවුම් පාරිභෝගිකයන්ට තම දුරකතන සබඳතා රීලෝඩ් කර ගැනීමෙන් මිලියන ගණනින් මුදල් තෑගි දිනා ගැනීමේ අවස්‌ථාව "සුපර් රීලෝඩ්" මගින් හිමිවනු ඇත.

අප්‍රේල් සිට ජුනි දක්‌වා කාල සීමාවේදී දිනුම් ඇදීම් මගින් සෑම මාසයකදීම ජයග්‍රාහකයකු තෝරා ගන්නා අතර ඔහුට හෝ ඇයට රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක්‌ හිමි වේ. එසේම සතිපතා රු. 200,000, රු. 100,000 සහ රු. 50,000 බැගින් දිනා ගැනීමට සහ රු. 200 රු. 100 සහ රු. 50 බැගින් ක්‍ෂණික රීලෝඩ් තෑගි දිනා ගැනීමටද අවස්‌ථාව හිමිවේ. ඒ අතර ක්‍ෂණික ත්‍යාගයක්‌ හිමි කර ගැනීමට අවස්‌ථාව උදා නොවන පාරිභෝගිකයන් වෙත, මාසයක කාලසීමාවක්‌ සඳහා තමන් කැමැති අගය එකතු කළ සේවාවන් (VAS) නොමිලේ ලබාගැනීමටද අවස්‌ථාව එටිසලාට්‌ ලංකා සමාගම උදාකර දී තිබේ. 

එටිසලාට්‌ ලංකා සමාගමේ අධ්‍යක්‍ෂ/ ප්‍රධාන විධායක නිලධාරී දුමින්ද්‍ර රත්නායක මහතා මේ පිළිබඳව අදහස්‌ දක්‌වමින් "සෑම විටම පාරිභෝගිකයා අගය කිරීමට එටිසලාට්‌ ලංකා සමාගම ප්‍රමුඛතාව ලබා දෙනවා. පසුගිය වසර කිහිපය තුළදී ශ්‍රී ලංකාව පුරා අපගේ පෙර ගෙවුම් පාරිභෝගික පිරිස මිලියන 4 ඉක්‌මවා වර්ධනය වී තිබෙනවා. ඔවුන්ගේ දායකත්වය හඳුනා ගනිමින් ඇගයීමට අපට අවශ්‍යයි" යනුවෙන් පවසා සිටියේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos