-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


අන්තර්ජාල සේවාවන් සඳහා ලොව අවම ගාස්තු අයකරන රටවල් අතර පළමු තැන ශ්‍රී ලංකාවට හිමිව ඇත.

අන්තර්ජාතික විදුලි සංදේශ සංගමය පසුගිදා නිකුත් කළ 2012 වර්ෂය සඳහා අධිවේගී අන්තර්ජාල සේවාවන්ට ලෝකයේ අඩුම ගාස්තු අයකර රට ලෙස ශ්‍රී ලංකාව නම් කර ඇත.

 මේ තාක්ෂණය හදුන්වා දී කෙටි කලක් තුළදී අන් රටවල් අභිබවා ශ්‍රී ලංකාව මුල් තැනට ඒම පිළිබඳව රජයේ නිවැරැදි ප්‍රතිපත්තිය ඉතා වැදගත් වූ බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාන නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ස්ථාවර අධිවේගී අන්තර්ජාල සේවා ගාස්තු අඩු කිරීමට අමතරව, සියයට 80කට වැඩි ගුණාත්මක සේවා තත්ත්වයන් ස්ථාපනය කර ගැනීමට විදුලි සංදේශ නියාමක කොමිෂම සමත්වූ බවද එම නිවේදනයේ සඳහන් වේ.
අන්තර්ජාල සේවාවන් පුළුල් කිරීම, ජනතාවගේ තොරතුරු සාක්ෂරතාවය ඉහළ නැංවීම මඟින් තොරතුරු තාක්ෂණයේ කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කිරීමේ රජය ගෙන යන වැඩපිළිවෙළ සාර්ථක පියවරක් ලෙස මෙය හැදින්විය හැකි බවද එම කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos