ඇඹිලිපිටිය ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.
මේ විදුහල්පතිවරයා විසින් සිදු කර ඇති බව කියන අක්‍රමිකතා රැසක් පිළිබඳ අමාත්‍යාංශ විමර්ශන අංශය මඟින් සිදු කළ විශේෂ පරීක්ෂණවලින් අනතුරුව මේ තීරණයට එළඹ තිබේ.
ජනාධිපති විද්‍යාලයට ළමුන් ඇතුළත් කර ගැනීමේදී විදුහල්පතිවරයාගේ අනු දැනුම මත සිදු වී ඇති බව කියන අක්‍රමිකතා රැසක් පිළිබඳ අදාළ පරීක්ෂණවලදී විශේෂ අවධානය යොමු වී ඇත.
විද්‍යාලයීය පාසල් සංවර්ධන කමිටුව පාසලට සිසුන් ඇතුළත් කිරීමේදී මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් මව්පියන් පිරිසක් ඇඹිලිපිටිය පොලිසියට පැමිණිලි කර ඇති අතර ප්‍රදේශයේ දේශපාලනඥයෙකුටද මේ සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති බවද අනාවරණය වෙයි.
ඇඹිලිපිටිය පොලිසිය වංචා විමර්ශන සිද්ධියට අදාළ වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කර ගෙන යයි.