-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


සෙනොක් ඔටෝමොබයිල් කෑලි ගෙන්වා මෙහේ එකලස් කරනවා..

ජර්මානු වොක්ස්වැගන් මෝටර් රථ සමාගමේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන බව පැවසීම සත්‍ය නොවන බව ශ‍්‍රි ලංකා ආයෝජන මණ්ඩල ආරංචි මාර්ග සඳහන් කරයි.

සත්‍ය වශයෙන්ම සිදුවන්නේ වොක්ස්වැගන් මොටර් රථ මෙරටට ගෙන්වා බෙදා හරින මෙට නිල නියෝජිතයා වන සෙනොක් ඔටෝමොබයිල් විසින් කුලියාපිටියේ ඉදිකරන කර්මාන්ත ශාලාවකදී වොක්ස්වාගන් රථ එකලස් කිරීමක් පමණි.


ඒ සඳහා වන ගිවිසුම පවා ශ‍්‍රි ලංකා ආයෝජන මණ්ඩලය සමඟ අත්සන් කර ඇත්තේ සෙනොක් ඔටෝමොබයිල් සමාගෙම් සභාපති නොයෙල් සේවනායගම් සමඟයි.

මේ ක‍්‍රමය යටතේ අදාල සමාගමට විශාල බදු සහන හිමි කර ගත හැති අතර මීට පෙර මෙරටට ඉන්දීය මරුටි රථ ගෙන්වන සමාගමද හම්බන්තොට ප‍්‍රදේශයේ එකලස් කිරීමේ කම්හලක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබින.

ශ‍්‍රී ලංකාවේ තම සමාගමේ ශාඛාවක් ආරම්භ කරන බවක් මේ වන තෙක් වොක්ස්වැගන් මවු සමාගම කිසිදු තැනක සඳහන් කරද නැත.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week