-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් රූපවාහිනී නාළිකාව ලබන 27 වැනිදා “සයුර” ලෙස නම වෙනස්කරමින් අලුතින් ආරම්භ කිරීමට සැරසෙන බව වාර්තා වේ.

අදාළ නාලිකාව එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ අමාත්‍යවරයකු විසින් මිලදී ගෙන ඇති බවදට රාවයක් පැතිර තිබේ.


කෙසේවුවද, කාල්ටන් ස්‌පෝර්ට්‌ නෙට්‌වර්ක්‌ හෙවත් 'සී එස්‌ එන්' ආයතනය මසේ මිලදී ගෙන ඇත්තේ අදාළ සමාගමේ හිමිකරුවන් බව කියවෙන හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ ඇතුළු පිරිසට මුදල් විශුද්ධිකරණ පනත උල්ලංඝනය කිරීම, කූට ලේඛන පිළියෙළ කිරීම, සාපරාධී විශ්වාසය කඩකිරීම, සාපරාධී සාවද්‍ය පරිහරණ, රේගු පනතට ගැනෙණ වැරදි සිදුකිරීම ඇතුළු චෝදනා ගණනාවක්‌ එල්ලවී තිබියදීය.

පසුගියදා අධිකරණයට ඉදිරිපත් කරන ලද ලේඛණවලට අනුව මෙහි කොටස්‌කරුවන් සියලු දෙනාම ආරම්භක අධ්‍යක්‍ෂවරුන් වන බවත්, ඔවුන් රොහාන් වැලිවිට, කවිෂාන් දිසානායක, රවිනාත් ප්‍රනාන්දු, ශාඩියා කරුණාජීව යන අය බවද පැවසේ.

මෙම ආයතනයේ ප්‍රධාන විධායක ලෙස කටයුතු කර ඇත්තේ නිශාන්ත රණතුංගය.

සමාගමේ ගනුදෙනුවලට අදාළ විද්යුත් තැපැල් පණිවුඩ අධ්‍යයනය කිරීමේදී ඉතා පැහැදිලි ලෙස යෝෂිත රාජපක්‍ෂ යන අය එම සමාගමේ සභාපතිවරයා ලෙස සහ තීරණ ගන්නා ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති තහවුරුව ඇති බවද පැවෙස්.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී CSN නාලිකාවේ පුවත් හා කාලීන සිදුවිම් අධ්‍යක්ෂක සංජීව එදිරිමාන්න මහතා පවසා සිටියේ අමාත්‍යවරයකු විසින් මිලදී ගෙන ඇතැයි යන පුවත කටකතාවත් බවත් ‍නමුත් CSN නාලිකාව නව මුහුණුවරකින් එළිදක්වීමට කටයුතු කිරිමක් සිදුකරනු ලබන බව ඔහු පවසා සිටියේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week