-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ඉස්ලාමික රාජ්‍යය සංවිධානය විසින් ප‍්‍රාණ ඇපයේ තබාගෙන පසුව ඝාතනය කරනු ලැබූ ඇමරිකානු මාධ්‍යවේදී ස්ටීවන් සොට්ලොෆ් නිදහස් කරගැනීම සඳහා වන්දියක් නොගෙවන ලෙස ඇමරිකානු රජය විසින් බලපෑම් කළ බව සොට්ලොෆ් පවුලේ සාමාජිකයින් විසින් හෙළි කර ඇතැයි වාර්තා වේ.
ඔවුන්ගේ ප‍්‍රකාශකයා ලෙස කටයුතු කරන සොට්ලොෆ්ගේ මිත‍්‍රයකු වන බැරැක් බර්ෆි පවසා ඇත්තේ ධවල මන්දිරයේ ත‍්‍රස්ත විරෝධී නිලධාරියෙකු පසුගිය මැයි මසදී සොට්ලොෆ් පවුලේ සාමාජිකයින් හමුවීමට පැමිණි බවයි.
ඒ කථා බහෙන් පසු මාධ්‍යවේදියාගේ පවුලේ සාමාජිකයින් අන්ත අසරණ භාවයට පත්වූ බව බර්ෆි පවසා තිබේ.
ප‍්‍රාණ ඇපයේ සිටින යමෙකු බේරා ගැනීම සඳහා වන්දි ගෙවීමක් වුවද එය ත‍්‍රස්තවාදය වෙත කරන ද්‍රව්‍යමය අනුග‍්‍රහයක් ලෙස ඇමරිකාව විසින් සලකනු ලබයි.
මේ ආකාරයටම ඝාතනය කරනු ලැබූ අනෙක් ඇමරිකානු මාධ්‍යවේදියා වන ජේම්ස් ෆෝලිගේ පවුලේ සාමාජිකයින්ටත් ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් විසින් බලපෑම් කළ බව ෆෝලිගේ මව විසින් හෙළි කරනු ලැබිණි.
ධවල මන්දිරයේ මාධ්‍ය ලේකම් ජොෂ් අර්නස්ට් පවසා ඇත්තේ ප‍්‍රාණ ඇපකරුවන් අල්ලා ගැනීම සහ ඒ සඳහා වන්දි ලබාගැනීම ත‍්‍රස්තවාදී සංවිධාන විසින් අරමුදල් තරකර ගැනීම සඳහා සාමාන්‍යයෙන් සිදුකරන්නක් බවයි.
මේ අතර ඉස්ලාමික රාජ්‍ය සටන්කාමීන් විසින් බි‍්‍රතාන්‍ය සහන සේවකයකු වූ ඬේවිඞ් හේන්ස්ද ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week