දක්‌ෂිණ අධිවේගී මාර්ගයේ පිහිටි සුපිරි "ආහාර පාන හා වෙළෙඳ සංකීර්ණයේ" මළාපවහන පද්ධතිය අක්‍රමවත් බව මතුගම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඊයේ (28 වැනිදා) කළ ස්‌ථාන පරීක්‍ෂාවකදී හෙළිවී ඇත.
මෙම අක්‍රමවත් මළාපවහන පද්ධතිය දින හතක් තුළ සකසන මෙන් එම සංකීර්ණය භාර කළමනාකරු වෙත මතුගම මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නොතිසී නිකුත් කළ අතර එසේ නොවුණොත් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද ලිතව දන්වා තිබේ.
2012 අංක 07 දරන බස්‌නාහිර පළාත් ආහාර ප්‍රඥප්තිය යටතේ මෙසේ නොතීසි නිකුත් කර තිබේ.
මෙම පරීක්‍ෂාවේදී ඇතැම් අලෙවි සල්හි මැස්‌සන් සිටි ආහාර ඇසුරුම් කුටිද හමුවී ඇති අතර එම ආහාර ද්‍රව්‍ය භූමිතෙල් දමා විනාශ කිරීමට නිලධාරීන් කටයුතු කර ඇත.
මතුගම පරිපාලන ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක එම්. ලයනල් මහතා ඇතුළු නිලධාරීහු මෙම පරීක්‍ෂා කිරීම සිදු කළහ.