-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සුඛෝපභෝගී සේවාවන් සමගින් සැප්තැම්බර් පළමුවැනිදා සිට  සිනමන් රෙඩ් හෝටලය  විවෘත කෙරේ.

සිනමන් හෝටල් ජාලයට එක්‌ වූ නවතම හෝටලය ලෙසින් නවීන පහසුකම් සහිතව සංචාරකයන්ගේ සුවපහසුව වෙනුවෙන් සිනමන් රෙඩ් හෝටල් ක්‍ෂේත්‍රයට අවතීර්ණ වෙයි.වෙනත් හෝටල් වලට වඩා අතිශයින්ම වෙනස් වු ආකාරයේ අභ්‍යන්තර සැරසැිලි රටාවකින් මෙම හෝටලය සමන්විත වෙයි.

කොළඹ 03 ආනන්ද කුමාරස්‌වාමි මාවතේ (ග්‍රීන් පාත්) පිහිටා ඇති සිනමන් රෙඩ් හෝටලය ඊටම ආවේණික අභ්‍යන්තර සැකසුමක්‌ සමගින් ඊට පිවිසෙන්නන් වෙත නැවුම් අත්දැකීමක්‌ එක්‌ කිරීමට සූදානමින් සිටියි.  ව්‍යාජ අලංකරණයන්ගෙන් තොර වූ නවීන තාක්‍ෂණය හා බැඳුණු පුළුල් පරාසයක්‌ ඔස්‌සේ විහිදුණු සුඛෝපභෝගී සේවා පහසුකම් මෙහිදී අත්විඳීමේ හැකියාව පවතී.

ජෝන් කීල්ස්‌ සමූහ ව්‍යාපාරයේ උප සභාපති මෙන්ම හෝටල් හා සංචාරක අංශයේ සභාපති අජිත් ගුණවර්ධන මහතා සඳහන් කළේ "කලාත්මක අත්දැකීම් සමගින් ව්‍යාපාර පවත්වාගෙන යැම තුලින් ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලාංකික නාමය ප්‍රචලිත කිරීම අපේ ඉලක්‌කය වී තිබෙනවා.සිනමන් යන වෙළෙඳ සන්නාමයේ සියලු ලක්‍ෂණ එලෙසින්ම පවත්වාගෙන යමින් අද්විතීය සේවාවක්‌ මෙම නව හෝටලය මගින් ලබාදීමට අප බලාපොරොත්තු වෙනවා යනුවෙනි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos