අභයභූමියක් තුල කිසිදු ශඛ්‍යතා අධ්‍යයනයකින් තොරව කොමිස් ගසා කෑමේ එකම අරමුණින් ඉදිකරන ලද මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මේ වන විට මුළුමනින්ම අසාර්ථක ව්‍යාපෘතියක් බවට පත්වීම සඳහා මූලික හේතුව වී ඇත්තේ විපක්ෂයේ මන්ත්‍රීවරුන් හා විපක්ෂයට හිතවත් මාධ්‍ය ගෙන ගිය අසත්‍ය ප්‍රචාර බව ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා පාර්ලිමේන්තු ලොබියේදී ප්‍රකාශ කර ඇත.
‘ලොක්කට හර්ෂගෙ කතාවට මල පැනල ඉන්නෙ. හම්බන්තොට කිරි විකුණන මිනිස්සු මත්තල ගුවන්තොටුපොලට වැඩිය ආදායමක් හොයනවයි කිව්වහම කාටද තද වෙන්නැත්තෙ. ඒ කතාවට මම හරි උත්තරයක් දුන්නැහැයි කියල ලොක්කා මටත් බර බරේ දැම්ම. යූඑන්පී එකේ එවුන් සංඛ්‍යා ලේඛණත් එක්ක කතා කරන කොට අපි මොනව කියන්නද? ලොක්ක අපට කෑ ගහනව. අයියන්ඩි කථානායක පුටුවෙ ඉදන් කෝචොක් දානකොට ඒවා ඇහුන්නෑ වගේ ඉන්නව. මරු අමාත්‍යංශයක් තමයි මටත් හම්බවුනේ' යනුවෙන් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සමග පවසනු ඒ අසළ වුන් ජනමාධ්‍යවේදීන් කීපදෙනෙකුට ඇසී තිබේ.
‘මේ වගේ ඉන්ටර්නැෂනල් වැඩක් කරපුවහම විපක්ෂයටත් යුතුකමක් තියෙනව මේක ගොඩ දාගන්න සපෝට් එකක් දෙන්න. මුං කරන්නෙ වැරදි කිය කියා අඬන එක. මේ මගුල චීන්නුන්ටම දීල දැම්මනම් ඉවරයි' පවසමින් ගුවන් සේවා අමාත්‍යවරයා එම ස්ථානයෙන් ඉවත්ව ගොස් ඇත.