මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු පිළිබඳ ඇමැති මර්වින් සිල්වා දේශපාලනයට සමුදීමට සූදානම්වන බව වාර්තා වේ. අමාත්‍යවරයා පසුගිය කාලය පුරාවටම කීවේ තමා දේශපාලනයෙන් ඉවත් වන බවය.
ඒ අනුව අමාත්‍යවරයා විසින් මෙයට ටික කලකට පෙර මාධ්‍යය වෙත අදහස් දක්වා තිබුනේ එළඹෙන මහ මැතිවරණයට තරඟ කිරීමේ අදහසක් තමාට නොමැති බවයි.
ඉන්පසුව ගම්පහ පැවති උත්සවයකදී ඔහු අමාත්‍යවරයා කියා සිටියේ දේශපාලනයට එක්වී මන්තී‍්‍රවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පිවිසීම ජීවිතයේ තමන්ට සිදු වූ ලොකුම වරද බවයි.
ඉන් අනතුරුව පසුගියදා කැලණිය වරාගොඩ ප්‍රදේශයේ ශ්‍රිලනිප ශාඛා කමිටු පිහිටුවීමේ රැස්වීමට සහභාගී වූ අමාත්‍යයවරයා පවසා තිබුනේ වැඩ කිරීමට නිදහසක් නැත්නම් දේශපාලනයෙන් ඉවත්වන බවය. අමාත්‍යවරයාගේ එහිදී සිදුකල කතාවේ කොටසක් පහත වේ.
"මට ජනාධිපතිතුමා ඇමැතිකමක් දීල තියෙනවා. නිලතලවලින් විතරක් වැඩක් නෑ. මට ජනතාවට වැඩ කරන්න නිදහස නැත්නම් මම පක්ෂයෙනුත්, දේශපාලනයෙනුත් ඉවත් වෙනවා"
මර්වින් සිල්වා දිගින් දිගටම දේශපාලනයෙන් ඉවත්වන බව පැවසුවත් ඔහු මේ දිනවල සිය පුතු වන මාලක සිල්වා මාතර දිස්ත්‍රික්කයෙන් දේශපාලනයට හඳුන්වා දීමට උත්සාහ ගනිමින් සිටින බව අප විසින් මෙයට පෙර හෙළිකරන ලදී.