-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොළඹ වරායේ පිහිටි නෞකාවලින් ඉන්ධන ගොඩබාන බෝයාවේ නළය පුපුරා යැමෙන් දැනට රටට සිදුව තිබෙන පාඩුව රුපියල් කෝටි හැට පහකට අධික බව ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ ජාතික සේවක සංගමය හෙළිකර සිටී.

මේ වන විට දින තිස්‌ පහකට පෙර පැමිණි නෞකාවකට සහ පසුගිය මස 12 වැනිදා පැමිණි නෞකාවට ප්‍රමාද ගාස්‌තු ලෙස කෝටි 20 කට වඩා ගෙවීමට සංස්‌ථාවට සිදුව තිබෙන අතර පසුගිය මස 26 වැනිදා සිට සපුගස්‌කන්ද පිරිපහදුව සම්පූර්ණයෙන්ම වසා දැමීම නිසා තවත් රුපියල් කෝටි හතළිහක පමණ පාඩුවක්‌ද, පිරිපහදුව යළි ක්‍රියාත්මක කළහොත් ඒ සඳහාද රුපියල් කෝටි දෙකකට වඩා වටිනා ඉන්ධන දහනය කිරීමට සිදුවන බවද එම සංගමය කියා සිටී.

බොර තෙල් මිලදී ගැනීමේ සිට බෝයාවේ නළ පද්ධතියට අවශ්‍ය නළ මිලදී ගැනීම ඇතුළු කටයුතුවලදී නිසි ටෙන්ඩර් පටිපාටි අනුගමනය නොකිරීම හා අදාළ තනතුරුවලට පත්කර සිටින නිලධාරීන්ගේ නුසුදුසුකම් හා පළපුරුදු නිලධාරීන් නොමැතිකම නිසා තෙල් සංස්‌ථාව විශාල මූල්‍ය අර්බුදයකට ලක්‌ව ඇතැයි ද එම සංගමය පවසයි.

ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ සපුගස්‌කන්ද පිරිපහදුව සම්පූර්ණයෙන්ම නතර වීම නිසා පිරිපහදු කළ පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගෑස්‌, ගුවන්යානා තෙල් ආදිය නිමි නිෂ්පාදන ලෙස ආනයනය කිරීමට සිදුවීමෙන්ද රටට සිදුවන පාඩුව අතිවිශාල බවද සංගමයට කියා සිටී.

ලංකා ඛනිජ තෙල් සංස්‌ථාවේ මේ වන විට සිදුව ඇති විනාශය රුපියල් බිලියන ගණනක්‌ වනු ඇති බවත් ඉදිරි සති දෙකෙන් පසුව රට තුළ බරපතළ ඉන්ධන හිඟයක්‌ මතුවීමේ අවදානමක්‌ ඇති බවත් ජාතික සේවක සංගමය කියා සිටී.

බෝයාවේ නළය යළි සැකසීමට සතියක්‌, දෙකක්‌ ගතවන බවත් දැනට ගබඩාවල ඇති ඉන්ධන අවසන් වුවහොත් විදුලි බලාගාරද නතර වී බරපතළ අවුලකට රට පත්වන බවත් එම සංගමය තවදුරටත් කියා සිටී.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos