-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පුවත්පත් විවාහ දැන්වීමක් ඔස්සේ තරුණයෙකු හඳුනාගන්නට හමුවීමට ගිය තරුණියක එම තරුණයා අතින් අතවරයට ලක්වී රන්බඩු කොල්ලකා අතපය ගැටගසා පළා ගිය සිද්ධියක් හැටන් නෝර්වුඩ් ප්‍රදේශයෙන් වාර්තා වනවා.
37 හැවිරිදි මෙම අවිවාහක කාන්තාව පුවත්පතක පළවු විවාහ මංගල යෝජනාවක් ඔස්සේ දින 10 ක පමණ කාලයක් දුරකථනයෙන් හඳුනාගත් මෙම තරුණයා සමග කෙටි ආදර කතාවකට මුලපුරා
තිබුණා. තරුණයා පවසා ඇත්තේ අපි ෆෝන් එකෙන් කතාකළාට මදි හමුවෙලා දවසක් ගතකරමු ලෙසිනි. මෙම යෝජනාවට තරුණිය කැමතිවී තිඛෙනවා. ඇය මෙවැනි ගමනක් යන බව නිවැසියන් දැනගෙන නැති අතර 31 වන සෙනසුරාදා දහවල් හැටන් නගරයට පැමිණ ඔවුන් අවන්හලකදී පෙම්බස් දොඩා තිඛෙනවා. 
පසුව ඇයව විවාහ කරගන්නා බවට පොරොන්දු වෙමින් අපි ටිකක් විවේක තැනකට යමු කියමින් තරුණියව තී්‍රරෝද රථයක නංවාගෙන යන්නට තරුණයා ඉදිරිපත් වුණා.
පසුව නොර්වුඩ් පොලිස් වසමට අයත් ගෝර්ති වතුයායේ පාළු ස්ථානයකට තරුණියව කැඳවාගෙන ගිය තරුණයා ඇයට කියා ඇත්තේ ඔයා බයවෙන්න එපා මං බඳින්න පොරොන්දු වුණානේ. මේ බීම ටික බොන්න ලෙසිනි. තරුණයාව විශ්වාස කළ ඇය ඔහු දුන් බීම වර්ගයද පානය කර ඇත.
තමන්ට බීමට සිසිල් බීම වර්ගයක් ලබාදීමෙන් අනතුරුව සිදුවූ දේ පිළිබඳව එතරම් මතකයක් නොමැති බව තරුණිය පසුව පැවසුවා. ඇය කියා සිටියේ එම සිසිල් බීම වර්ගය මත්වන හෝ සිහිනැතිකරවන ද්‍රව්‍ය අඩංගුව තිබුණ බවයි.

ටික වේලාවකට පසු තරුණිය අවදිවී බලද්දී තමන්ගේ අතපය ගැටගසා ඇති අයුරුත් තමන් සතු රන් ආභරණද රැගෙන සැකකරු පළා ගොස් ඇති බවත් පෙනී ගිය අතර සිරුරේ දැනුණ අපහසුතාව අනුව තරුණයා තමන්ව අතවරයට ලක්කර ඇති බවද තේරුම් ගියා.

අතපය ගැටගසා සිටි ඇය පාදයේ තිබූ ගැටය අපහසුවෙන් ලිහන්නට හැකියාව ලැබූ අතර එය පමණක් ලිහාගෙන රාත්‍රී 11 ට පමණ ඒ අසල තිබූ නිවසකට ගොස් මේ පිළිබඳව කරුණු දැන්වීමෙන් අනතුරුව එම අසල්වාසීන් ඇය පිළිබඳව නොර්වුඩ් පොලිසියට දැනුම් දුන්නා.
නොර්වුඩ් පොලිසිය එම ස්ථානයට ගොස් ඇයව බේරාගත්තා.
සැකකරු තමන් මීට පෙර දැක නොමැති බවත් පුවත්පත් දැන්වීම මත දුරකථන මගින් හඳුනාගත් අයකු බවත් ඇය ප්‍රකාශ කළා.
කාන්තාව ප්‍රතිකාර සඳහා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
හැටන් ප්‍රදේශයේ ප්‍රධාන ද්‍රවිඩ පාසලක ලිපිකාරිණියක වශයෙන් සේවය කරන මෙම කාන්තාව අවුරුදු 37 ක අවිවාහක අයෙකි.
නෝර්වුඩ් පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week