-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ගණිකා වෘත්තියේ නියැළුණේ යැයි මහනුවර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්දන අංශය මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ කාන්තාවක මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිදොස්කොට නිදහස් කර ඇත.

එයට අමතරව අගතියට පත් කාන්තාවට රුපියල් හත්දහස් පන්සීයක වන්දි මුදලක්ද රජයේ ගාස්තු වශයෙන් රුපියල් දහසක මුදලක්ද තම පෞද්ගලික මුදලින් ගෙවන ලෙස දූෂණ මර්දන අංශයේ හිටපු ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂකවරයාට මහනුවර ප්‍රධාන මහෙස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කොට ඇත.


අගතියට පත් කාන්තාව කුණ්ඩසාලේ නව නගරයේ පිහිටි නිවාඩු නිකේතනයකදී 2010 වසරේදී අගෝස්තු මස අත්අඩංගුවට ගෙන ගණිකා වෘත්තියේ නියැළීමේ චෝදනා මත මහනුවර අධිකරණය වෙත ඉදිරිපත් පත් කොට තිබූ අතර ගණිකා නිවාස ආඥා පනතේ 2, ආ වගන්තිය යටතේ නඩු පැවැරිය හැක්කේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුට පමණක් බැවින් 2011 වසරේ පෙබරවාරි මස  මහනුවර අධිකරණය විසින් එම කාන්තාව එම චෝදනාවෙන් නිදහස්කොට තිබුණි.



එම සිදුවීමෙන් අනතුරුව මෙම කාන්තාව රැකියාවක් සඳහා විදෙස් ගතවී ඇති අතර දූෂණ මර්දන අංශය මඟින් පාදඩ ආඥා පනත යටතේ අයාලේ යෑම යන චෝදනාව නඟමින් විෂය ගත කරුණු සම්බන්ධයෙන් නැවතත් ඇයට එරෙහිව නඩු පවරා ඇත.


චූදිත කාන්තාව නැවත ලංකාවට පැමිණ අධිකරණය හමුවේ පෙනී සිට ඇති අතර එකොලොස් වාරයක් පමණ අධිකරණයේ පෙනී සිටීමෙන් අනතුරුව මෙම තීන්දුව ලබාදී තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos