-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඞ් පත් මගින් මුදල් ගෙවීම සඳහා භාවිතා කිරීමට බැංකු විසින් වෙළද ආයතන වලට ලබාදී ඇති යන්ත‍්‍රවලට (Point of sell) අමතරව ඇතැම් වෙළද ආයතන එම ආයතනවලටම අයත් යන්ත‍්‍ර භාවිතා කරන බැවින් එම ආයතනවලට එරෙහිව නීතිමය පියවර ගැනීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.
ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු විසින් ලබාදී ඇති POS යන්ත‍්‍රවලට (Point of sell) අමතරව වෙළද ආයතන සතු වෙනත් එවැනි යන්ත‍්‍ර භාවිත කිරීම තහනම් කර තිබුණද ඇතැම් වෙළද ආයතන සිය ආයතනයේම යන්ත‍්‍රය පාරිභෝගිකයන්ගේ මුදල් පියවර ගැනීමට යොදා ගැනීම නිසා මූල්‍ය වංචා විය හැකි බවද අනාවරණය කරගෙන ඇත. රට පුරා සුපිරි වෙළඳ සැල් බොහෝමයක් මෙම දෙවන යන්ත‍්‍රයක් භාවිතා කරන බවටද තොරතුරු හෙළිව ඇත.
මිලදීගත් භාණ්ඩ වෙනුවෙන් පාරිභෝගික ණයපත් හෝ හරපත් බැංකු ලබාදී ඇති යන්ත‍්‍ර පමණක් නොව වෙළද ආයතනයේ යන්ත‍්‍රයේද අතුල්ලන (Slid කරන) මෙම ද්විත්ව ඇතිල්ලීම (Double swiping) ක‍්‍රමය නීතිවිරෝධී බවද ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි.
එසේ හෙයින් බැංකු විසින් ලබාදී ඇති ඡුධී යන්ත‍්‍රයට අමතරව එම ආයතනවලටම අයත් යන්ත‍්‍ර භාවිතා කිරීම වහාම කරන ලෙස වෙළද ආයතනවලට ශ‍්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී තිබේ.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos