-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

නේවාසික රෝගීන්ට සැපයූ බත්පත වෙනුවෙන් ඉදිරිපත් කළ අරුම පුදුම බිල්පතක් පිළිබඳව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඊයේ (26දා) මාත‍ලේදී අනාවරණය කළේය. මට පපුවේ අමාරුව හැදුනා මිල ගණන් ඇහුවම මට වහාම පරීක්ෂණ වාර්තාවක් ඕනෑ. මාත‍ලේ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගෙන් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ඉල්ලීමක් කළේය.
මාත‍ලේ මහ රෝහ‍ලේ දිස්ත්‍රික් මහ රෝහ‍ලේ ජීව වායු ඒකකය විවෘත කිරීමේ අවස්ථාවකට එක්වෙමින් මෙම අක්‍රමිකතාව හෙළි කළ ආණ්ඩුකාරවරයා දඹුල්ල මූලික රෝහල් නේවාසික රෝගියකු වෙනුවෙන් සැපයූ විශේෂ ආහාර වේලක ආහාර ද්‍රව්‍ය සඳහා අයැදුම්කර ඇති මිල ගණන් විස්තර කළේය.
බෝංචි ග්‍රෑම් 10 රුපියල් 60යි. එතකොට බෝංචි කිලෝව රුපියල් 6000යි. කැරට් ග්‍රෑම් 10 රුපියල් 80යි. එතකොට කැරට් කිලෝව රුපියල් 8000යි. තැම්බූ බිත්තරය රුපියල් 50යි. තෝරමාළු කිලෝවක් රුපියල් 1250යි. පරා මාළු කිලෝවේ මිල රුපියල් 1100යි.
දඹුල්ල රෝහල් නේවාසික රෝගියකුට සැපයූ විශේෂ ආහාර වේලක වියදමේ මුදල් ලබා ගැනීමේ වවුචරයේ සඳහන් මිල ගණන් යනුවෙන් පැවැසූ ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා ආණ්ඩුකාරවරයාට හෝ ඇමැතිවරයාට මෙවැනි අකටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමේ හැකියාවක් නොමැති බැවින් උසස් නිලධාරීන් තම වගකීම ඉටුකිරීමෙන් මෙවැනි අක්‍රමිකතා මගහරවා ගැනීමේ හැකියාව ඇති බව පැවැසීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos