-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

අලුත්ගම දර්ගා නගරය ප්‍රදේශයේ විහාරස්ථානයක විහාරාධිපති හිමි නමකට සහ තවත් පුද්ගලයකුට පසුගිය පොසොන් පෝදා (12දා) සිදුකළ පහරදීමක් සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය අත්අඩංගුවට ගෙන කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවන් තිදෙනා මෙම මස 25 දක්වා තවදුරටත් රක්‍ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙස කළුතර අතිරේක මහෙස්ත්‍රාත් අයේෂා ආබ්දින් මහත්මිය නියෝග කළාය.


අලුත්ගම දර්ගා නගරයේ පදිංචි මොහොමඩ් චාමින් මොහොමඩ් අස්තාර්, මෙහොමඩ් චාමින් මොහොමඩ් අර්ෂා සහ මොහොමඩ් චාමින් මොහොමඩ් අයිෂාන් යන තිදෙනා මෙසේ රක්‍ෂිත බන්දනාගාර ගත කෙරිණි.


පසුගිය පොසොන් පෝයදා හිමි නමක් විහාරස්ථානයක ධර්ම දේශනයකට වෑන් රථයකින් යමින් සිටියදී පුද්ගලයන් තිදෙනක මහ මඟ අවහිර වන සේ සිටිය නිසා වෑන් රථයේ නළාව ශබ්ද කළැයි එම පුද්ගලයන් රියැදුරුට පහර දෙන අවස්ථාවේ එය වැළැක්වීමට ගිය භික්‍ෂුවටද පහර දුන් බවට අලුත්ගම පොලිසියට පැමිණිලිකර ඇත. මෙම සිද්ධියත් සමඟ පසුගිය පොසොන් පෝදා භික්‍ෂුන්වහන්සේ විශාල පිරිසක් සමඟ පැමිණි ප්‍රදේශවාසීන් අලුත්ගම පොලිසිය ඉදිරිපිට ගාලු පාර අවහිර කරමින් සැකකරුවන් අත්අඩංගුවට ගන්නැයි පැයකට අධික කාලයක් විරෝධතාව නිතර වූහ.


එම අවස්ථාවේ තත්ත්වය පාලනය කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය යොදා තිබූ අතර කුමාර වෙල්ගම, රෝහිත අබේගුණවර්ධන ඇමැතිවරුන් සහ ප්‍රාදේශීය දේශපාලනඥයෝද අලුත්ගම පොලිසියට පැමිණ තත්ත්වය සමථයට පත් කිරීමට උත්සාහ කළහ.
පිරිස විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ එල්ල වූ ගල් පහරකින් ඇමැතිවරයෙකුගේ වාහනයකටද අලාභ හානි සිදුව තිබූ අතර, කළුතර ප්‍රදේශය භාර ජේ‍යෂ්ඨ පොලිස් නිලධාරීන්ටද දැඩි විරෝධතා එල්ල විය.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවක් පසුගියදා (13) සිදුකිරීමට නියමිතව තිබුණද, රෝහල් ගත විහාරාධිපති හිමියන්ගේ රෝගී තත්ත්වය නිසා එය නොපැවැත්විණි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos