වයසක පුද්ගලයකු සතු කේරඩිට් කාඩ් පතකින් මුදල් වංචා කළ බවට කොල්ලුපිටිය පොලිසිය විසින් ටෙලි නාට්‍ය නිළි මනීෂා ශ්‍යාමලීට විරුද්ධව කොටුව අධිකරණයට යොමුකර ලැබ තිබූ පැමිණිල්ල කොටුව මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු තිළිණ ගමගේ මහතා අලුත්කඩේ අංක 4 අධිකරණයට යොමු කෙළේය.
මෙම සිද්ධිය රාජගිරිය ප්‍රදේශයේදී වැලිකඩ පොලිස් බල ප්‍රදේශයේ සිදුව ඇති හෙයින් එම ප්‍රදේශය අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයට අයත්වන බැවින් පැමිණිල්ල අලුත්කඩේ අංක 4 අධිකරණයට යොමුකරන ලෙස කොල්ලුපිටිය පොලිසිය කොටුව අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව පැමිණිල්ල මෙසේ අලුත්කඩේ අධිකරණයට යොමු කර තිබිණි.
එඩ්වින් වික්‍රමරත්න නමැති වයසක පුද්ගලයකු සතු කේරඩිට් කාඩ් පතකින් රාජගිරිය ප්‍රදේශයේ බැංකුවකින් රුපියල් අසූදහසක මුදලක් වංචා කළ බවට ඔහුගේ දියණිය විසින් කොල්ලුපිටිය පොලිසියට පැමිණිල්ලක් කරනු ලැබ තිබිණි. එම පැමිණිල්ල අනුව පොලිසිය කොටුව අධිකරණයට කරුණු වාර්තා කර පරීක්ෂණ ආරම්භ කර තිබිණි.