-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

බොදුබල සේනා සංවිධානයේ ක්‍රියාකලාපය හේතුවෙන් රටේ සංහිඳියාවට විශාල තර්ජනයක් වී ඇති බැවින් ඊට විරුද්ධව එම සංවිධානයට නඩු පැවැරීමට කටයුතු කළ යුතු බව ජාතික භාෂා හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

පෙරේදා (9දා) නිපෝන් හෝටලයේ පැවැත්වීමට නියමිතව තිබූ ජාතික බලසේනාවේ මාධ්‍ය සාකච්ඡාවට බලහත්කාරයෙන් කඩා වැදුණු බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇතුළු හිමිවරුන්ගේ ක්‍රියාකලාපය හෙළා දකින බවද ඒ මහතා පැවැසීය.

වෙනත් කෙනකුගේ මාධ්‍ය සාකච්ඡාවට කඩා වැදීම වෙනුවට ඔවුනටද මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා අදහස් දැක්වීමට කටයුතු කිරීමේ හැකියාවක් තිබූ බව නානායක්කාර මහතා කීය.

කිසිවකුට බලහත්කාරකම් සිදු කිරීමට මෙරට අයිතියක් නොමැති බවත්, බොදු බලසේනාවට විරුද්ධව පොලිසිය ක්‍රියාත්මක විය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos