-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත හපුආරච්චි මහතාගේ පමුණුගම නිවෙසට සහ එම දෙපාර්තමේන්තුවේ විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති රොස්මන්ඩ් ප්‍රනාන්දු මහතා පදිංචි රුක්මල්ගම නිවෙසටත් ඊයේ අලුයම වෙඩි ප්‍රහාර කීපයක් එල්ල කොට තිබේ. ඊයේ අලුයම දෙකට පමණ හපුආරච්චි මහතාගේ නිවෙසට වෙඩි ප්‍රහාර තුනක් එල්ල කොට ඇති අතර එම වෙඩි ප්‍රහාර නිවෙසේ නවතා තිබූ වාහනයට සහ ජනේල දෙකකටද වැදී අලාභ හානි සිදුවී ඇති බව පොලිසිය පවසයි.

මේ අතර රුක්මල්ගම පිහිටි රොස්මන්ඩ් ප්‍රනාන්දු මහතාගේ නිවෙසට වෙඩි ප්‍රහාර එල්ලකොට ඇත්තේ ඊයේ අලුයම 3ට පමණයි. එම නිවෙස් දෙකටම වෙඩි ප්‍රහාර එල්ලවී ඇත්තේ පතරොම් තුවක්කුවලින් බවද පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ.

එම වෙඩි ප්‍රහාර සිදුකර ඇත්තේ එකම පිරිසක්ද නැතහොත් කණ්ඩායම් දෙකක්ද යන්න ගැන පොලිසියට සැක මතුවී තිබේ.
මේ වෙඩි ප්‍රහාරවලින් එම නිවෙස්වල කිසිවකුටත් අනතුරක් සිදුවී නොමැත.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා එම ප්‍රදේශ දෙකට අයත් පමුණුගම සහ කොට්ටාව පොලිසි විසින් පොලිස් සුනඛයන් සහ පොලිස් විද්‍යාත්මක පර්යේෂණ නිලධාරීන් කැඳවා තිබිණි.
මේ සම්බන්ධයෙන් 'මව්බිම' කළ විමසුමකදී සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත හපුආරච්චි මහතා සඳහන් කෙළේ ඇතැම් මත්පැන් නිෂ්පාදන ආයතන රජයට හිමිවිය යුතු බදු මුදල අඩුවෙන් ගෙවන බවට ලැබී තිබූ තොරතුරු නිසා එවැනි ස්ථාන හදිසි පරීක්ෂාවට භාජන කිරීමේ වැටලීම් වැඩපිළිවෙළක් පසුගිය පෙබරවාරි මාසයේ සිට ආරම්භ කර තිබූ බවයි. එම හදිසි අධීක්ෂණ වැටලීම් ක්‍රියා පද්ධතිය මෙයට පසුබිම් වී ඇද්ද යන්න ගැන සැක මතුවන බවද ඔහු සඳහන් කෙළේය.

මීට දින දහයකට පෙරද රුක්මල්ගම පදිංචි රොස්මන්ඩ් ප්‍රනාන්දු මහතාගේ නිවෙසට රාත්‍රි කාලයේ වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇති බවට කොට්ටාව පොලිසියට පැමිණිලි කොට ඇත. සිද්ධිය වූ අවස්ථාවේ හෝමාගම කොට්ඨාස භාර පොලිස් අධිකාරි ක්‍රිෂාන්ත මහතා හා කොට්ටාව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක යූ.එල්.ඩී. තිලකසිරි මහතා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂණ පවත්වා තිබේ. කිසිවකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නැත. මේ සිද්ධි දෙක පිළිබඳ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් පරීක්ෂණ පවත්වයි. මේ ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ නිවෙසේ සිට ඇත්තේ කොමසාරිස්වරයා සහ සේවකයකු පමණි. ඔවුනට කිසිදු හානියක් සිදුවී නැත. වෙඩි ශබ්දය ඇසී අසල්වැසි නිවැසියකු එළියට පැමිණෙන විට නාඳුනන පුද්ගලයන් දෙදෙනකු මාර්ගය දෙසට දුව යනු දැක ඇත.

මේ පිළිබඳ පරීක්ෂණ පවත්වන පොලිසිය ප්‍රකාශ කරන්නේ නාඳුනන තුවක්කුකරුවන් ත්‍රිරෝද රථයකින් පැමිණ ප්‍රහාරය එල්ල කොට පලාගොස් ඇති බවට සැක කරන බවයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos