-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

මීට මාස දෙකකට පමණ ඉහත රාජගිරිය ප්‍රදේශයේ දී ඝාතනයට ලක්වූ සිනමා නිළි අසංකා මොණරවිල මහත්මියගේ මව වූ විශ්‍රාමික හෙද නිලධාරිනී ලීඩා මාග්‍රාට් කුමාරි ප්‍රනාන්දු මහත්මිය ඝාතනය කළ ඝාතකයන් අත්අඩංගුවට ගත් මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය එම නි‍ෙවසේ තිබී සොරා ගන්නා ලද බෙරලියන්තු මුදු තුනක් ඇතුළු වටිනා රණ් භාණ්ඩ සහ මුදල් ද සොයාගෙන තිබේ.

ප්‍රසිද්ධ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු වූ තිස්ස අබේසේකර මහතාගේ නැන්දණිය සේම ප්‍රකට සිනමා නිළි අසංකා මොණරවිල මහත්මියගේ මව වූ මේ කාන්තාව පසුගිය සැප්තැම්බර් 28 වන දින ඝාතනයට ලක්ව තිබුණේ ඇය සුවිසල් නිවසේ තනිව සිටියදීය.නුගේගොඩ ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ සිදුකෙරුණු සූක්ෂම මෙහෙයුමකින් අනතුරුව සැකකරුවන් අත්අඩංගු‍වට ගෙන ඝාත‍නයේ සුලමුල හෙළිකගෛන ඇත.මේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ආරක්ෂක අංශවලට සම්බන්ධ අය වන අතර මොවුන් දැනට විවිධ වංචාවන් නිසා සේවයෙන් ඉවත් කළ අය බවද හෙළිවී තිබේ.
අත්අඩංගුවට පත්ව සිටින සැකකරුවන් දෙදෙනාගෙන් එක් අයෙක් එම නිවසට නිතරම යන එන අතර ඔහු මාග්‍රාට් කුමාරි ප්‍රනාන්දු මහත්මියට නිවසේ වැඩපළ කළ අයෙකි.

අපරාධය සිදුවූ දින ඝාතකයා ඔහුගේ මිතුරකුද සමඟ නිවසට රිංගා අපරාධය සිදුකර තාප්පයෙන් පැන පලායන ආකාරය ඒ අසල නිවසක සවිකර තිබූ ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන්ව තිබුණි.

මෙම ඡායාරූප මියගිය මාග්‍රාට් කුමාරි ප්‍රනාන්දු මහත්මියගේ ඥාතීන්ට පෙන්වා ඔවුන් හඳුනන කිසිවකු එම ඡායාරූපවල සිටීද යන්න පරීක්ෂා කරවා තිබේ. මෙම ප්‍රධාන සැකකරු මාග්‍රාට් කුමාරි ප්‍රනාන්දු මහත්මියගේ දියණියක විසින් හඳුනාගෙන ඇත. එම ඡායාරූපයන්ගේ රූප රාමු පැහැදිලි තත්ත්වයක නොතිබුණත් මේ සැකකරු අපරාධකරුවා විය හැකි බව අනුමාන කළ පොලිසිය ඔහු සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා තිබුණි.
එම නිවසට සැකකරු නිතර ආ ගොස් ඇත්තේ එම ප්‍රදේශයේ වැඩපළක සේවය කරමින් සිටියදීය.අපරාධයෙන් පසුව ඔහු එම වැඩපොළින් පලාගොස් තිබුණි.

පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අපරාධය සිදුකළ ආකාරය සම්පූර්ණයෙන්ම පාපොච්චාරණය කර තිබේ.පසුව පොලිසිය සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ පෝද්දල ප්‍රදේශයේ ඔහුගේ නිවසේදීය.

රන් ආභරණ හා විදේශ මුදල් ගාල්ලේ ස්ථානයකට උකස් කර තිබියදී හා මුදල් මාරුකර තිබියදී සොයාගෙන ඇත. සැකකරු ඔහුගේ මිතුරා සමග මාග්‍රාට් කුමාරි ප්‍රනාන්දු මහත්මියගේ නිවසට පැමිණි අවස්ථාවේ ඇය නිදාගෙන සිට ඇත.ඔවුන් ඇයගේ කටට ප්ලාස්ටර් ගසද්දී ඇය අවදිවී තිබේ.

ඇය සැකකරු හඳුනාගෙන ඇඟිල්ල දිගු කර කුමක්දෝ පවසද්දී ඔහු ඇයගේ ගෙල මිරිකා මරා රන් භාණ්ඩ සොරකම් කරගෙන පලාගිය බව සැකකරුවන්ගේ පාපොච්චාරණයේ සඳහන් වේ.

ඊයේ(03) උදේ අත්අඩංගුවට ගත් මේ සැකකරුවන්ගෙන් පොලිසිය ප්‍රශ්නකරගෙන යන අතර හෙට(05)ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම අපරාධයේ සියලු තොරතුරු හෙළිකරගෙන සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ නුගේගොඩ ප්‍රදේශය භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.එම්.ජී.සිල්වා, ‍උප පොලිස් පරීක්ෂක ජයන්ත පෙරේරා, පොලිස් සැරයන්(28415) ලක්ෂ්මන්, පොලිස් සැරයන්(56958) ප්‍රසන්න, පොලිස් කොස්තාපල්(21284)බණ්ඩාර, පොලිස් කොස්තාපල්(40248)ප්‍රසන්න, පොලිස් කොස්තාපල්(51857)විපුල, පොලිස් කොස්තාපල්(70444)අමරකීර්ති, පොලිස් කොස්තාපල්(81600)සමීර, පොලිස් කොස්තාපල්(83782)කුලරත්න, ආරක්ෂක සහයක(1881)චන්ද්‍රරත්න යන මහත්වරුන් විසිනි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos