-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජංගම දුරකතනයකින් සංවාදයේ යෙදී සිටි පුද්ගලයකු කොළඹ සිට මාතර බලා ධාවනය වෙමින් තිබු තැපල් දුම්රියේ රත්ගම වැල්ලබඩ දුම්රිය හරස් මාර්ගයේ දී හැපීමෙන් ඊයේ රාත‍්‍රි මියගොස් තිබේ.

අනතුරින් බරපතළ තුවාල ලැබීමෙන් පසුව ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලට ඇතුළත් කරන විටත් ඔහු මියගොස් ඇත. ඔහු ඊයේ රාති‍්‍ර 10.30ට පමණ මෙම අනතුරෙන් මිය ගොස් ඇත්තේ රත්ගම වැල්ලබඩ ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන 40 හැවිරිදි අයෙකි.
මෙම පුද්ගලයා ජංගම දුරකතනයෙන් සංවාදයේ යෙදී සිටියදී හරස් මාර්ගයේ ගේට්ටුවේ මුරකරු දුම්රිය එනබව කියා කෑ ගසා තිබේ. නමුත් මොහුට එය ඇසි නොමැති අතර දුම්රියේ ගැටී ඇතැයි මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව පොලීසිය පවසයි.  
හදිසි මරණ පරික්‍ෂණය අද ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ දී පැවැත්වේ.
(ලලිත් කන්කානම්ගේ-ගිංතොට/ සමන් කුමාර-බුස්ස)

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week