හම්බන්තොට මාගම් රුහුණුපුර ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය (MRICC) හෙට (7) ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.
මෙය ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය වේ.
මෙම සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ ප්‍රථම ජාත්‍යන්තර සමුළුව ලෙස පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සමුළුව නොවැම්බර් 10 දින සිට 14 දින දක්වා පැවැත්වෙයි. හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානය එම දිස්ත්‍රික්කයේ සිරිබෝපුර ප්‍රදේශයේ අක්කර 28ක භූමි භාගයක් පුරා පැතිරී ඇත.
මෙය නිර්මාණය කිරීම සඳහා ඇ.ඩොලර් මිලියන 15.3 ක මුදලක් ඇස්‍තමේන්තු ගත කරන ලදී.
නාගරික සංවර්ධන අධිකාරිය හා කොරියානු ජාත්‍යන්තර සංස්ථාව එක්ව මෙම සුවිසල් සම්මන්ත්‍රණ ශාලාවේ ඉදි කිරීම් නිම කර ඇත. මෙහි ප්‍රධාන ශාලාවේ ආසන 1500 කි. තවද ආසන 250කින් යුත් අනු ශාලා තුනක් හා කුඩා ශාලා 10ක් මෙහි ස්ථාපිතය.
ගොඩනැඟිල්ලේ විශාලත්වය වර්ග මීටර් 8081 කි. අතී නවීන තාක්ෂණ පහසුකම් සහිතව ජාත්‍යන්තර මට්ටමින් මෙම ගොඩනැඟිල්ල ඉදී කොට ඇත. මෙහි වාහන 400 ගාල් කිරීමේ පහසුකම් හා හෙලිකෝප්ටර් අංගනයක පහසුකම් ද ඇත.