-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

11 වැනි වසරේ ඉගනුම ලබන සිසුවකුගේ තමාට ඇති එකම සුදු කලිසම හිරට ඇඳගෙන පාසලට පැමිණීම නිසා අනෙකුත් දරු දැරියන් ඉදිරියේ එය පහළ සිට ඉහළට කතුරකින් කපා දැමූ බව කියන වැලිගම දෙනිපිටිය මහා විද්‍යාලයේ ගුරුවරියකට එරෙහිව පරීක්ෂණයක් පවත්වන බව වැලිගම මූලස්ථාන පොලීසිය පවසයි.

ශරීර සුවතා වැඩසටහන පැවැත්වීමට පෙර පසුගිය සිකුරාදා උදෑසන මෙම සිද්ධියට ලක් වූයේ දෙනිපිටිය, මුල්ලේ බොක්කේ පදිංචි එස්.එච්. ජනිත් ඉමල්ක සිසුවායි.

සිය මවද නොමැති ඔහු පියා විසින් කුලී වැඩ කර උපයා ගන්නා මුදලින් ජීවත් වෙයි.

ක‍්‍රීඩා භාර ගුරුවරිය විසින් සුදු කලිසම කපා දැමීමෙන් පසු එම සිසුවා යතුරු කටු ගසාගෙන කලිසම අතින් අල්ලාගෙන අඩමින් නිවෙසට පිටත්ව ගොස් සිය අක්කාට සිද්ධිය පවසා ඇත.

පසුව අක්කා පාට කලිසමක් අන්දවාගෙන එම සිසුවා සමග පාසලට පැමිණ ගුරුවරිය විසින් කපන ලද කලිසම පෙන්වා විමසීමක් කර තිබෙන අතර එහිදී විදුහල්පතිවරයා විසින් කලිසම ඔහු භාරයට ගෙන කබඞ් එකක දමා තිබේ.
ඉන් අනතුරුව ගම්වාසීන් පිරිසක් රැස්ව කතුරෙන් කපන ලද සුදු කලිසම ඉල්ලා කෑ ගසන්නට වූ අතර ඒ සමගම වැලිගම මූලස්ථාන පොලීසිය එතැනට පැමිණියේ ය.

ඒ වන විට දෙනිපිටිය මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට උනුසුම් තත්වයක් පැවතිණි.පසුව සිද්ධිය සමථයකට පත් කිරීම සදහා වැලිගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ මහතා ද පැමිණියේ ය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos