-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

කොළඹ නගරය අවට නිවාස 60,000 ක් ඉදිකිරීමේ මහා පරිමාණ ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජය අනුමතිය දී තිබේ. එහි ප‍්‍රථම අදියර යටතේ රාජගිරිය ප‍්‍රදේශයේ මහල් 30 කින් සමන්විත සුඛෝපභෝගි නිවාස 275 ක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ වී ඇත. මේ ව්‍යාපෘතියේ සඳහා ඩොලර් මිලියන 1000 ක් ආයෝජන කැර ඇති අතර ඉන් ඩොලර් මිලියන 500 ක් පොලී රහිතව කටාර් රාජ්‍යයෙන් ලැබී තිබේ. ‘අර්බර් හවුසින් බිල්ඩිං කොන්සෝටියම්’ සමාගම විසින් මේ ව්‍යාපෘතිය දියත් කරන අතර මේ ව්‍යාපෘතිය යටතේ කොළඹ අවට ජීවත්වන පැල්පත් වාසීන්ට නිවාස 15,000 ක් හා සුඛෝපභෝගි හා අර්ධ සුඛෝපභෝගි නිවාස 45,000 ක් ඉදිකිරීමට නියමිත ය.

වසර හතරක දී ඉදිකැර අවසන් කිරීමට නියමිත මේ ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය භූමි ප‍්‍රමාණය නිවාස සංවර්ධන අධිකාරියෙන් ලබා දීමට නියමිත ය. ප‍්‍රථම අදියරේ ඉදිකිරීම් කටයුතු ඉන්දියාවේ ප‍්‍රකට සමාගමක් වන “නට්වාර් ෂරීක්” වෙතින් සිදු කෙරෙන අතර ඔවුන් එම ව්‍යාපෘතිය ඉන්දීය ආයෝජන මඟින් ම සිදු කිරීමට සූදානම් ව සිටී.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos

Popular This Week