-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ශ්‍රී ලංකාවේ පළමු විද්‍යා උද්‍යානය සහ නැනෝ තාක්ෂණ ගම්මානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන 21 වැනිදා විවෘත කිරීමට සැලසුම් කර ඇත .මේ සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශය එක්ව රුපියල් මිලියන 2802ක මුදක් වියදම් කර ඇත.

ලෝකයේ දිනෙන් දින බිහිවන සහ සංවර්ධනය වන නවීන තාක‍ෂණයන් සමඟ අනාගතයේ උදාවන නව කාර්මික විප්ලවයට ගැලපෙන අයුරින් නවෝත්පාදන ආර්ථීකයකට පෙළගැසීම සඳහා මහින්ද චින්තන ඉදිරි දැක්මට ප්‍රාකාරව රට සුදානම් විය යුතුව ඇත.

නුදුරු අනාගතයේ දී ජාතික තාක්ෂණ හා පර්යේෂණ ක්‍රමෝපාය තුළින් ශ්‍රී ලංකාව ඉහළ මධ්‍ය ආදායම්ලාභී රටක තත්ත්වයට ළඟා වීමට හැකිවනු ඇත. ඊට සාර්ථකව මුහුණදීම සඳහා ශ්‍රී ලංකාවේ පළමු විද්‍යා උද්‍යානය හෝමාගම, පිටිපන ඉදිකෙරෙමින් පවතී. රාජ්‍ය සහ පෞද්ගලික අංශ දෙකේම දායකත්වය සහිතව ඉදිවූ එහි පළමු අදියර වන නිනිති (නැනෝ) තාක‍ෂණ ‘'විශිෂ්ටත්වයේ කේන්ද්‍රය'’ විවෘත කෙරේ.

2008 වසරේ ආරම්භ කළ ශ්‍රී ලංකා නිනිති තාක‍ෂණ ආයතනය (ීඛෂභඔෑක‍) 2009 වර්ෂයේ දී සිය පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇත. මෙම ව්‍යාපෘතිය සඳහා රජය ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 1771.5 කි. (රු. මිලියන එක්දහස් හත්සිය හැත්තෑ එකයි දශම පහකි) පෞද්ගලික අංශයෙන් MAS, බ්‍රැන්ඩික්ස්, ඩයලොග්, හේලීස්, ලෝඩ්ස්ටාර් ආරම්භයේ සිට මෙම ව්‍යාපෘතියට ආයෝජනය කර ඇති මුදල රු. මිලියන 310 කි. මේ වන විට 06 වන පෞද්ගලික සමාගම ලෙස ලංකෙම් ආයතනයද මේ සඳහා එකතු වී ඇත. තරඟකාරී ලෝක තාක‍ෂණික වෙළෙඳපොලට සුදුසු ස්වභාවික අමුද්‍රව්‍ය ආශ්‍රිත නැනෝ තාක‍ෂණික නිෂ්පාදන බිහි කිරීම ඔවුන්ගේ එක් අරමුණක් වේ. කෘෂි කාර්මික, සෞඛ්‍ය ආරක‍ෂණ, ජල පවිත්‍රකරණ අංශ වල දේශීයව සහ විදේශීයව පවතින ගැටළුකාරී තත්ත්ව හඳුනාගෙන එවාට නැනෝ තාක‍ෂණය ආශ්‍රයෙන් විසඳුම් ලබා දීම සඳහා පර්යේෂණ සහ සංවර්ධන වැඩසටහන් දියත් කිරීමට ද ඔවුන් මේ වන විටත් කටයුතු කරමින් සිටී.

මේ වන විට ජාත්‍යන්තර පේටන්ට් බලපත්‍ර 08 ක් සහ දේශීය පේටන්ට් බලපත්‍ර 02 ක හිමිකාරීත්වය සිලින්ටෙක් ආයතනය සතුවන අතර ඒවා භාවිතයෙන් වාණිජ මට්ටමේ සේවා සැපයීමට ඔවුන් ඉදිරියේදී කටයුතු කරනු ඇත. තරුණ පර්යේෂණ විද්‍යාඥයන් 23 දෙනෙකු, ඉංජිනේරුවරුන් 04 දෙනෙකු සහ ක‍ෂ්ත්‍රයේ ප්‍රවීණ මහාචාර්යවරුන් 04 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම මෙහෙයවීම, මහාචාර්ය වෙරන්ජ කරුණාරත්න සහ මහාචාර්ය නලින් ද සිල්වා විසින් සිදුකරන අතර නව සංයෝග නිර්මාණය සහ ප්‍රධාන පර්යේෂක වශයෙන් මහාචාර්ය ගෙහාන් අමරතුංග කටයුතු කරයි.

ආයතනයේ ප්‍රධාන විධායක වශයෙන් හරීන් ද සිල්වා විජේරත්න කටයුතු කරන අතර එහි සභාපතිත්වය දරන්නේ අචාර්ය මහේෂ් අමලීන් විසිනි.

රටෙහි තිරසාර සංවර්ධනයකට මෙන්ම නවෝත්පාදන ආර්ථීකයක් බිහි කිරීම සඳහා නුදුරේ දී අංග සම්පූර්ණ වන රටේ පළමු විද්‍යා උද්‍යානය සහ 21 වන දින විවෘත කෙරෙන නැනෝ තාක‍ෂණ ‘'විශිෂ්ටත්වයේ කේන්ද්‍රය'’ අතිශය තීරණාත්මක බව තාක‍ෂණ හා පර්යේෂණ ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos