-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

තරුෂි පෙරේරා කියන්නේ අපි කවුරුත් හොඳින් දන්න හඳුනන ජනප්‍රිය නිළියක්..ඒ විතරක්ම නෙමෙයි දක්ෂ රූපලාවන්‍ය ශිල්පිනියක්. ඉතින් තරුෂිගේ ජීවිතේ ලොකු වෙනසකට මේ දවස් වල ලක ලැහැස්ති වෙමින් සිටිනවා. ඒ ඇගේ විවාහ උත්සවය වෙනුවෙන්. ඒ කඩිමුඩිය අස්සේ අපි ඇයව පොඩි කතා බහකට එකතු කර ගත්තා.
 කොහොමද තරුෂි ජීවිතේ?
ගොඩාක් හොඳයි. ගොඩාක් සතුටින් ජීවිතේ ගෙවනවා. වගකීම් ගොඩාක් ජීවිතේට අලුතින් එකතු වුණා.
ඒ කියන්නේ මෙච්චර කාලයක් වැඩකළේ වගකීමක් නැතුවද?

නැහැ නැහැ එහෙම නෙමෙයි මම කවදත් මම කරන කියන දේ ගැන වගකීමෙන් වැඩ කරපු කෙනෙක්. මම බලාපොරොත්තු වෙච්ච විදිහේ කෙනෙක් මට ලැබුණා. අපි විවාහය ලියාපදිංචි කළා. විවාහ උත්සවය ගන්න සූදානම් වෙනවා. පවුල් ජීවිතයක් ගතකරනවා කියන්නේ ලොකු වගකීමක්.

වගකීම් වැඩි වෙන කොට නිළිකමෙන් ඉවත් වෙයිවත්ද?

මෙහෙමයි නංගි හොඳ බිරියක් වීම. අනාගතයේදී හොඳ මවක් වීම. තමයි ගැහැණියක්ගේ ජීවිතේ වටිනම දේ. ඉතින් මම රගපෑමෙන් ඉවත් වෙනවද නැද්ද තකියන එක නෙමෙයි මේ වෙනකල් බාර ගත්ත නිර්මාණ ඇරුණු කොට පසුව භාර ගන්න ඒවා ගොඩාක් සීමා වෙයි.
තහංචි ගොඩාක් දාලා වගේ?
මේ සුමේධ දාපු තහංචි නෙමෙයි..මමම දා ගත්තු ඒවා..ඈත පළාත් වල රූගත කිරිම් වලටනම් සහභාගි වෙන්නේ නැහැ. එයා ඒකට කැමති නැහැ. චිත්‍රපට තොරා ගැනීමනම් සපුරා තහනම්.
හරි මේ දවස් වල කරන වැඩ ගැන ටිකක් කියන්නකෝ.

මුතු පළසේ වැඩ කරනවා.. ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් ලැබෙන ප්‍රතිචාර වලට ගොඩාක් සතුටුයි.. ඉට අමතරව ලක්ෂ්මන් පුෂ්පකුමාර මහත්මයාගේ ටෙලි නාට්‍යකට දායක වෙන්න වෙන්න ඉන්නේ.. ඒකේ මට කරන්න තියෙන්නේ වෙද මහත්මයෙක්ගෙක්ගේ දුවකගේ චරිතයක්. හිතුවක්කාර කමට තමන්ගේ වුවමනාවට කසාද බඳිනවා.. ඒ විදිහට තමයි ඒක දිවෙන්නේ.. වෙස්ම චරිතයක්.
සැබෑ ජීවිතේ හිතුවක්කාරකම් කරලා නැද්ද?

මට හිතුවක්කාර වෙන්න තරම් දේවල් සිදුවෙලා නැහැ. එපා කියන්න තරම් දේවල් කරලත් නැහැ. හරි වැරැද්ද හඳුනගෙන වැඩ කරනවා.
නිළියක් විදියට ඔයා තෘප්තිමත්ද?
පවතින කලා ක්ෂේත්‍රය ඇතුලේ මම කරන දේවල් ගැන තෘප්තිමත් වෙනවා. ඒ ඇරෙන්න මම කරන වැඩ ගැන තෘප්තිමත් නැහැ.
එහෙනම් තරුෂි අපි සුභ පතනවා ඔයාගේ පටන් ගන්න යන අලුත් ජීවිතයට. ඒ වගේම ඔයාගේ ලස්සන හීන ඒ විදිහටම දකින්න පුළුවන් වෙන්න කියලත්.
ගොඩාක් ස්තුතියි නංගි.
කතා බහ - හිමාෂි

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos