පසුගිය කැබිනට් මණ්ඩල හමුවේ වැඩිපුරම කාලය වෙන් කර තිබුණේ යෝජිත කැසිනෝ පනත සම්බන්ධයෙන් සාකච්චා කිරීමටයි.
ඇමති එස්.බී. කීවේ තමන්ද කැසිනෝ සෙල්ලම් කළ බවත් එහි කිසිදු වැරැද්දක් තමන්ද නොදකින බවත්ය. විජිතමුණි සොයිසා කියා සිටියේ ‘කැසිනෝ ගැහුවට මොකෝ…අපිට තාම මළගෙවල් වල බූරු ගහන එකවත් නවත්වන්න බැරි වුණානේ’යැයි යනුවෙනි. පසුව ජගත් පුෂ්ප කුමාර, මහින්ද අමරවීර, මර්වින් සිල්වා යන ඇමතිවරුද කැසිනෝ පනතට පක්ෂව කතා කළහ.
එහිදී ඇමති මර්වින් සිල්වා සූදුවෙන් දිනන ආකාරය පැහැදිලි කලේය.
'' මම 71 බෙලිඅත්තෙ ඉදන් කොළඹ එද්දිත් කොළඹ සූදුව තිබුණා. ඒ කාලේ තිබ්බේ සත පහ ගැහිල්ල. කට්ටිය වට වෙලා සත පහ බිම තියාගෙන මැස්සෝ වහනකල් බලන් හිටියා. ඉස්සල්ලම සත පහේ මැස්ස වහන එක්කනා තමයි දිනුම්. ඉතින් මම ඒ කාලේ කලේ සත පහ පස්ස පැත්තේ අතුල්ලලා තියන එක. ඉස්සල්ලාම ඉතින් මැස්සා මගේ සත පහේ වහනවා.ඉතින් මම දිනුම්''