තම දියණියන්ගේ කන්‍යාභාවය අලෙවි කළ මවක ගැන කොලොම්බියාවෙන් වාර්තාවේ.
මාර්ගරීටා ද ජීසස් සපාටා මොරේනෝ නම් වන මේ 45 හැවිරිදි කාන්තාවට දරුවන් 14 දෙනෙකි.එයිනුත් 12 දෙනෙක්ම දියණියෝය.
එම දියණියන් 12 දෙනාගේ කන්‍යාභාවය මැය පවුම් 125 (රුපියල් 26750) ගණනේ නොයෙකුත් ගැණුම්කරුවන්ට අලෙවි කර ඇතැයි කොලොම්බියා පොලිසිය කියයි.
එම දියණියන් 12 දෙනා අතුරින් ඇතැම් දරුවන් තවමත් ඉතා කුඩා වයස්හි පසුවන්නන් වුවද මෙම කාන්තාව එම දරුවන්ගේත් කන්‍යාභාවය අලෙවි කර ඇත්තේ වැඩිවියට පත්වූ පසු මිලදී ගත් තැනැත්තාට දරුවන් සපයන බවට පොරොන්දු වෙතියි පොලිස් පරීක්ෂණ වලින් හෙළිවී ඇත.16 හැවිරිදි එක් දියණියක මේ වන විට ගැබිණියකි.
මාර්ගරීටා කොටු කර ගැනීමට පොලිසියට හැකිව ඇත්තේත් ඇයගේම දියණියක් දුන් ඔත්තුවක් මාර්ගයෙනි.
මාර්ගරීටා දැනට බන්ධනාගාර ගත කර සිටින අතර ඇයට එරෙහි නඩු විභාගය නුදුරේදීම පැවැත්වීමට නියමිතය. මේ දියනියන්ගේ පියාවද මේ වන විට පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.
මාර්ගරීටා දැනට බන්ධනාගාර ගත කර සිටින අතර ඇයට එරෙහි නඩු විභාගය නුදුරේදීම පැවැත්වීමට නියමිතය. මේ දියනියන්ගේ පියාවද මේ වන විට පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.