උතුරු සිරියාවේ සැඟවුණු වෙඩික්කරුවන් ගැබිනි මවුවරුන් ඉලක්කකර වෙඩිතබා කුසෙහි සිටින නූපන් දරුවන් ඝාතනය කිරීමේ යෙදී සිටින බව වාර්තා වේ.
මවුකුසෙහි සිටින දරුවන් පමණක් නොව වැඩුණු දරුවන්ද මේ සැඟවුණු වෙඩික්කරුවන්ගේ ඉල්ලක්ක බවට පත්ව ඇතැයි වාර්තා වේ. මේ බව අනාවරණය කර ඇත්තේ සිරියාවේ ස්වේඡා සේවයේ නිරත ශල්‍යවෛද්‍යවරයකු වන බ්‍රිතාන්‍ය ජාතික ඩේවිඩ් නොට් විසිනි.
මෙම වෙඩිතැබිම්වලට ගොදුරු වන මවුවරුන් බේරාගත හැකි වන නමුදු දරුවන් මිය යන බව හෙතෙම සී.එන්.එන්. ප්‍රවෘත්ති සේවය සමග පවසා ඇත. කුසෙහි මාස 7, 8, 9 පමණ කාලයක් වැඩුණු කළල මෙසේ ඝාතනයට ලක්වන බවත් වෙඩික්කරුවන් ගැබිනි මවුවරුන් ඉලක්ක කර වෙඩි තබන බව එයින් තහවුරු වන බව වෛද්‍ය නොට් පවසයි.
තමන් දිනපතා ශල්‍යකර්මවලට ලක්කරන රෝගීන්ගෙන් සියයට 90ක්ම සැඟවුණු වෙඩික්කරුවන්ගේ ප්‍රහාරවලට ලක් වූවන් බව පවසන වෛද්‍ය නොට් දින කීපයක් ගතවන විට වෙඩික්කකරුවන් මේ වෙඩිතැබිම් කිසියම් රටාවකට අනුව ක්‍රීඩාවක විලාසයෙන් සිදු කරන බව අවබෝධ වී යැයි පැහැදිලි කරයි.
උදාහරණයක් කියනවා නම් එක් දිනක තම ඉලක්කවල වම් උකුල ප්‍රදේශය ඉලක්ක කරන වෙඩික්කරුවන් ඊළඟ දිනයේ දකුණු උකුල පෙදෙස ඉලක්ක කරන බව පෙනී ගියා. මේ වෙඩික්කරුවන් තරගයකට මෙන් වෙඩිතබන බවයි මෙයින් අපට පැහැදිලි වුණේ. මා සමග සේවය කරන සිරියානු වෛද්‍යවරුන් පවසන්නේ වෙඩික්කරුවන් දිනකට ඉලක්ක කරගන්නා සංඛ්‍යාවට අනුව ඔවුන්ට සිගරැට් පැකට් වැනි සුළු තෑගිබෝග ලැබෙන බවයි.
මේ වන විට සිරියාවේ ගැටුම් පවතින ප්‍රදේශවල සැපයුම් සහ ආහාර ආදියේ පාලනය සටන්කාමීන් සතුව පවතින නිසා ජනතාව වෙඩිප්‍රහාරවලට මුහුණපෑමේ අවදානම ගනිමින් සටන්කාමීන්ගේ ප්‍රදේශයට පලායාමට උත්සාහ ගනිමින් සිටිති.