-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More


පාකිස්ථානය, සිය ගුවන් හමුදාවේ ප‍්‍රධානතම ප‍්‍රහාරක ගුවන් යානය බවට පත්ව ඇති අති නවීන ජේ.එෆ් - 17 වර්ගයේ තන්ඩර් ප‍්‍රහාරක යානා ලබන වසරේ සිට ශ‍්‍රී ලංකාව ඇතුලූ මිතුරු රටවල් කිහිපයකට විකිණීමට තීරණය කර ඇත.
මෙම යානා ශ‍්‍රී ලංකාව, කුවේටය, කටාරය ඇතුලූ මිතුරු රටවල් වෙත විකිණීමට පාකිස්ථානය අදහස් කරන බව එරට 'නේෂන්' ප‍්‍රවෘත්ති සේවාව වාර්තා කරයි.
පාකිස්ථානය චීනයේ සහය ඇතිව මෙම නවීන ප‍්‍රහාරක යානය සංවර්ධනය කර ඇත. විවිධාකාරයේ මිසයිල සහ බෝම්බ හැසිරවිය හැකි මෙම යානය මගින් ගුවනේ සිට ගුවනේ ඉලක්ක වෙත මෙන්ම ගොඩබිම් ඉලක්ක වෙතද ප‍්‍රහාර එල්ල කළ හැකිවීම විශේෂත්වයකි.

එමෙන්ම ගුවනේ සිට තොරතුරු සෙවීම, ගොඩබිම් ප‍්‍රහාර සහ සතුරු යානා වැළැක්වීම ආදී විවිධ යුද කටයුතු සඳහා ජේ.එෆ් 17 ප‍්‍රහාරක යානය යොදාගත හැකියි.

මේ අතර, පකිස්ථාන නාවික හමුදාවට අයත් යුද නෞකා දෙකක් කොළඹ වරායට පැමිණ තිබේ.  සුහද සංචාරයක් සඳහා දිවයිනට පැමිණ ඇති ඔවුන් මෙරට නාවික හමුදාපතිවරයාද හමුවීමට නියමිත බව  නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශක කමාන්ඩර් කෝසල වර්ණකුලසූරිය මහතා සඳහන් කළේය.

නසාර් සහ කයිබර් නැමති මෙම යුද නෞකා දෙක ලබන 30 වැනිදා දක්වා කොළඹ වරායේ රැඳී සිටිනු ඇති අතර,  මෙම පාකිස්ථාන යුද නෞකා ශ‍්‍රී ලංකාවේදී යුද අභ්‍යාසයකද නිරතවන බවද  නාවික හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා කියා සිටියේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos