නීති විරෝධී අයුරින් සැකසූ ලොතරැයිපතක් පාසල් සිසුන් යොදා ගනිමින් අලෙවි කිරීමේ ක්‍රියාවලියක් උතුරු මැද පළාතේ සිදුවන බවට ලංකා ගුරු සේවා සංගමයේ සභාපති අරුණ දිසානායක මහතා චෝදනා කරයි.
“ඉගෙනුම” යනුවෙන් සකසා ඇති ටිකට් පතක් උතුරු මැද පළාතේ පාසල්වල තුන වසරෙන් ඉහළ එක්ලක්ෂ 85,425ක් වන සිසුන් අතට පත්කර ඇති බවත් එක් සිසුවෙකු අවම වශයෙන් ටිකට් 10ක් විකුණා මුදල් එකතු කළ යුතු බව දන්වා ඇති බවත් හෙතෙම කියයි.
රුපියල් තුන්කෝටි 70ලක්ෂයක මුදලක් මෙම ටිකට් පත් අලෙවියෙන් අපේක්ෂා කර ඇති බවද හෙතෙම කියයි.
ජාතික ලොතරැයි මණ්ඩලය විසින් නිකුත් කරන ලොතරැයියකට සමාන මෙම ලොතරැයිය මේවන විට සිසුන් අත ඇති බවත් මෙම නීති විරෝධී ක්‍රියාව සිදුකළ පුද්ගලයින් ගැන අධ්‍යාපන බලධාරීන් වහා පියවර ගත යුතු බවත් ඔහු අද කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
මහ භාණ්ඩාගාරයේ හෝ මුදල් අමාත්‍යංශයේ අනුමැතියකින් තොරව මෙවැනි නීති වීරෝධී ක්‍රියාවක් කළ පුද්ගලයින්ට එරෙහිව නීත්‍යානූකූල පියවර ගත යුතු බව හෙතෙම එහිදී අවධාරණය කළේය.