පෘථිවිය බලා ගමන් කරමින් පවතින අඩි 1300 ක් පළලැති ග්‍රාහකක් (asteroid) නිසා අද අප දන්නා ලෝකය තව අවුරුදු 19කින් එනම් හරියටම 2032 අගෝස්තු 26 වැනිදා අවසන් වීමට ඉඩ ඇත.
අසන්නන් කම්පනයෙන් කම්පනයට පත් විය හැකි මේ අනාවැකිය හෙළිදරව් කොට ඇත්තේ යුක්කේර්නියානු තාරකා ශාස්ත්‍රඥයන් පිරිසක් විසිනි.ග්‍රාහකය න්‍යෂ්ටික මිසයිල ශීර්ෂ 2500ක වේගයෙන් පෘථිවියේ ගැටීමට නියමිත බව හෙළිකොට ඇත්තේ ලන්ඩනයේ ඩේලිමේල් පුවත්පතේය.
‘2013 - ටී. වී. 135’ යැයි හැඳින්වෙන මේ දැවැන්ත ග්‍රාහකය සොයා ගෙන ඇත්තේ ක්‍රිමියාවේ තාරකා භෞතික අභ්‍යවකාශ නිරීක්ෂණාගාරය විසිනි. මෙය මෙතෙක් වාර්තා වූ වඩාත් අනතුරුදායක ග්‍රාහක දෙකෙන් එකක් ලෙස අන්තර්ජාතික විද්‍යාත්මක ප්‍රජාව විසින් දැනටමත් ශේර්ණිගත කොට ඇත.
එසේ වුවත් මේ ආකාශ වස්තුව පෘථිවියට කඩා වැදීමේ ඉඩකඩ ඉතා අවම මට්ටමක එනම් 1ට 63,000ක අවම සම්භාවිතාවක පවතී. මෙහි තේරුම වනුයේ පෘථිවියේ ජීවිත වෙනදා මෙන් තව දුරටත් ඉදිරියට පැවැතීමේ ඉඩකඩ සියයට 99.9984ක පමණ ඉහළ මට්ටමකින් පැවැතීමයි.
එම සම්භාවිතාව වුව ග්‍රාහකය සතු විනාශකාරී වපසරිය දෙස බලද්දී අති විශාලය. යම් හෙයකින් මේ ග්‍රාහකය පෘථිවියට කඩා වැටුණහොත් එහි වර්ග සැතපුම් 100,000කටත් අධික භූමි ප්‍රමාණයක් විනාශ වී යනු ඇති අතර පෘථිවියේ කාලගුණය ඉදිරි අවුරුදු ගණනාවකට වෙනස් වනු ඇත.
මේ සන්දර්භයට සමාන්තරව ඩොලර් කෝටි ගණනාවක ජැක්පොට් ලොතරැයි දිනුමක් ඇදීමේ සම්භාවිතාව 1ට මිලියන 176ක මට්ටමින් පවතී.
ග්‍රාහකයට පෘථිවිය මඟ හැරී ගිය හොත් එය පෘථිවියට ඉතා සමීපව ගමන් කිරීමට ඉඩ ඇත. ‘ආර්. අයි. ඒ.’ රුසියා ප්‍රවෘත්ති සේවයේ ‘නොවොස්ති’ වාර්තා අනුව පෘථිවි කක්ෂයේ සැතපුම් දස ලක්ෂයක සීමාවකදී එය අවකාශයට වැටෙනු ඇතැයි ගණන් බලා තිබේ. එබැවින් මෙය අනතුරුදායක ආකාශ වස්තුවක් ලෙස ඇමෙරිකා ගගන සහ අභ්‍යවකාශ (නාසා) ආයතනය සලකයි.

තවද විද්‍යාඥයෝ ඊට ටොරිනෝ පරිමාණයෙන් 10ට එකක අනතුරු ප්‍රවේගයක් ඇතැයි පෙන්වා දෙති. අනතුරු ප්‍රවේගය 1ක් ලෙස දක්වා ඇත්තේ හුදෙක් තවත් එක් ග්‍රාහකයක් වෙනුවෙන් පමණි. සෙසු ග්‍රාහකවල අවදානම ඉතා අල්පය. එය ශූන්‍යය (0) ලෙස විනිශ්චය කොට ඇත.
‘2013 - ටී. වී. 135’ ග්‍රාහකය පෘථිවියේ ගැටුණහොත් මෙගා ටොන් 2500ක පිපිරුම් වේගයකින් ගැටෙනු ඇතැයි ගණන් බලා තිබේ. ග්‍රාහකය ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටුණහොත් විනාශ්‍ය අතිශය භයානක විය හැකිය.
‘2013 - ටී. වී. 135’ ග්‍රාහකය පෘථිවියේ ගැටුණහොත් මෙගා ටොන් 2500ක පිපිරුම් වේගයකින් ගැටෙනු ඇතැයි ගණන් බලා තිබේ. ග්‍රාහකය ජනාකීර්ණ ප්‍රදේශයකට කඩා වැටුණහොත් විනාශ්‍ය අතිශය භයානක විය හැකිය.
එහෙත් මේ ග්‍රාහකය දැනට අවුරුදු මිලියන 65කට උඩදී පොළොවට කඩාවැටී ඩයිනෝසරයන් පොළෝතලයෙන් මුළුමනින් මරා වඳ කළ ග්‍රාහකයට වඩා ඉතා කුඩාය. එම ග්‍රාහකය සැතපුම් 6ක විෂ්කම්භයකින් යුත් එකකැයි ගණන් බලා තිබිණි.
යුකේර්නියා විද්‍යාඥයන් පිරිස විසින් මේ ග්‍රාහකය පසුගිය සති අන්තයේදී දැකීමෙන් පසුව ස්පාඤ්ඤයේ, ඉතාලිය, සයිබීරියාවේ හා රුසියාවේ ග්‍රහලෝකාගාර විසින් ‘2013 - ටී. වී. 135 ග්‍රාහකය සැබැවින්ම පවතින බව තහවුරු කරන ලදී.

මේ ග්‍රාහකය වර්ෂ 2024 දී පෘථිවියට සමීප දුරකින් පිහිටනු ඇත. එවිට එහි කක්ෂයට සහ එය පතිතවීමට ඉඩ ඇත්තේ කවර ඉසව්වකට දැයි යන්න වඩාත් නිශ්චිත වශයෙන් තීරණය කිරීමට විද්‍යාඥයන්ට හැකිවනු ඇත.පෘථිවියට කඩා වැදීමට දැන් හොඳටම ඉඩ ඇති ග්‍රාහකය ‘2007 - වී. කේ. 184’ ග්‍රාහකය යැයි විද්‍යාඥයෝ දැනට බලාපොරොත්තුවෙති.