-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

සිය දරුවා විකිණීමේ වරදට චීන ජාතික යුවලක් එරට ෂැන්හයි නුවර අධිකරණය හමුවට ඉදිරිපත් කළ බව විදෙස් මාධ්‍ය පවසයි. මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණේ තෙන්ග් හා සන්ග් යුවළයි. ඔවුන් දෙදෙනාම රැකියා විරහිත බව එම වාර්ත පෙන්වා දෙයි.
ඔවුන් සිය දරුවා විකිණීමට තෝරාගත් ක‍්‍රමය අන්තර්ජාලයයි. Online Shopping කළ හැකි වෙබ් අඩවියක් ඔස්සේ සිය දරුවා අලෙවි කරන බව දන්වා තෙන්ග් හා සෙන්ග් දැන්වීමක් පළ කළේ පසුගිය ජූනි මාසයේ දී ය. එ් වන විට සෙන්ග් ගැබ්බරව සිටි අතර සිය නූපන් දරුවා උපන් විගස ඩොලර් 8,400ක මුදලකට අලෙවි කරන්නට බලාපොරොත්තු වෙන බව ඔවුන්ගේ දැන්වීමේ සඳහන් විය.
ඔවුන්ගේ දැන්වීමට පිළිතුරු ලැබුණු අතර, දරුවා ඉපදුණු පසු මුදල් සමඟ දරුවා හුවමාරු කරන්නට ඔවුන්ට හැකි විය. එහෙත් ඔවුන්ගේ කි‍්‍රයාව සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.
”ඔවුන් දෙදෙනා අලූත උපන් ගෑණු ළමයව විකුණලා ලොකු මුදලක් ලබා ගත්තා” යනුවෙන් පැමිණිලිකරු පවසා ඇත.
තෙන්ග් හා ෂෙන්ග් පැමිණිල්ලට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ ඔවුන් දරුවා විකිණීමට කටයුතු කළේ ඇගේම සුබ සිද්ධිය සඳහා යනුවෙනි.
”අපි බබාව දුන්නේ සල්ලි වෙනුවෙන්ම නෙවෙයි. ඇගේ ආරක්ෂාව වෙනුවෙන්. ඇයට මුදල් අතින් ස්ථාවරයක් තියෙන පවුලක හොඳ අධ්‍යාපනයක් ලබාගෙන ආරක්ෂාකාරීව ජීවත්වෙන්න අවස්ථාව ලබාදෙන්න  ඕනෙ නිසයි අපි එහෙම කළේ.”
එහෙත් පැමිණිලිකරු ඔවුන්ගේ ප‍්‍රකාශය පිළිගන්නට සූදානම් නොවූ බව මාධ්‍ය වාර්තාවල සඳහන් විය. පැමිණිලිකරු පවසන්නේ මෙය ඔවුන් දෙදෙනාගේ ”අප‍්‍රසන්න කුමන්ත‍්‍රණයක්” බවයි. ඔවුන්ගේ බැංකු වාර්තා පිරික්සා බලා දරුවා විකිණීමෙන් කෙතරම් ලාභයක් ලබා ගත්තේදැයි සොයා බැලිය යුතු යැයි ඔහු පවසා ඇතැයි ද සඳහන් වෙයි.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos