මෙරට පාසල් සිසු සිසුවියන් අතර ක‍්‍රම ක‍්‍රමයෙන් ඒඞ්ස් රෝගය පැතිරීම වැඩිවීමක් දක්නට ලැබෙන බවත් වයස 25-49ත් අතර වයස් කාණ්ඩයේ පිරිසකට ඒඞ්ස් රෝගය වැළදීම පසුගිය වසර එකහමාරට සාපේක්ෂව සියයට 60කින් වැඩිවී ඇති බවත් ජාතික ඒඞ්ස් මර්දන ඒකකයේ අධ්‍යක්ෂක වෛද්‍ය සිසිර ලියනගේ මහතා පවසයි.
මේ වසරේ ගතවූ මාස කිහිපයේ පසුගිය වර්ෂයට සාපේක්ෂව ඒඞ්ස් ආසාදිතයන්ගේ විශාල වැඩිවීමක් දක්නට ලැබෙන බැවින් නවදෙනෙකුගෙන් යුක්ත වූ කමිටුවක් පත්කර ඒ පිළිබද විශ්ලේෂණය කර එහි නිර්දේශ ලබාදෙන බවට සෞඛ්‍ය ලේකම්වරයා තමාට පැවසු බවත් ඔහු ප‍්‍රකාශ කළේය.