දක්ෂිණ අධිවේගී මාර්ගය මාතර සිට හම්බන්තොට දක්වා දීර්ඝ කිරීමේ ව්‍යාපෘතියට අදාළ කොන්ත‍්‍රාත් පැවරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වරාය හා මහාමාර්ග අමාත්‍යවරයා ලෙස කැබිනට් මණ්ඩලයට අදාළ යෝජනාව ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව මාතර සිට බෙලිඅත්ත, බෙලිඅත්තේ සිට වැටිය සහ මත්තල සිට අන්දරවැව හරහා හම්බන්තොට දක්වා අදියර 3ක් යටතේ මාර්ගය ඉදිකිරීමට නියමිතය.
දක්ෂිණ අධිවේගී මාර්ගය ගාල්ලේ සිට මාතර දක්වා මේ වන විට ඉදිකෙරෙමින් පවති.