-->

Lanka Gossip Girl - Gossip Lanka News

Lanka Gossip Girl - Gossip Lanka News only from Lanka Gossip Girl Daily Gossip Lanka Hot and fast news Sri lanka news Sri Lanka Hot Sinhala news

ads

T R E N D I N G

Lata Pata - Gossip Lanka

Ad

English Edition

Gossip Lanka More

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවියකගේ ආදරය ඉල්ලා පසුපස පැමිණ ඇයව විවිධ අපහසුතාවන්වලට පත් කළ බව කියන උපකාරක පන්ති ගුරුවරයකු මිරිහාන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝකන්දර ප්‍රදේශයේ පදිංචි ජේ.ඒ. රවී දිනේෂ් නමැත්තෙකි.ගුරුවරයකු වන සැකකාර පුද්ගලයා මීට වසර තුනකට පමණ පෙර පැමිණිලිකාර සිසුවියගේ නිවෙසට ගොස් අධ්‍යාපනය ලබාදුන් අයකු බවද ඇය දැන් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටින බවද පොලිසිය පවසයි.

එම කාලයේදී පැමිණිලිකාරියගෙන් ලබාගත් දුරකතන අංකයට සැකකාර ගුරුවරයා නිතර නිතර කතා කරමින් කෙටි පණිවුඩද යවා ආදරය ඉල්ලා සිටින බවත්, ඇතැම් දිනවලදී ඇය විශ්වවිද්‍යාලයට යන එන අවස්ථාවලදී ඔහු ඇය පසුපස පැමිණ ආදරය බලාපොරොත්තුවෙන් විවිධ අපහසුතාවන්ට පත් කරන බවත්, ඒ නිසා ඇය ලැජ්ජාවට පත්වන බවටත් පවසමින් පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇත.

මිරිහාන ළමා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගත් සැකකාර ගුරුවරයා ඊයේ (22දා) නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු අජිත් එම්. මාසිංහ මහතා වෙත ඉදිරිපත් කෙරුණ අතර ඔහු රුපියල් එක්දහස් පන්සියයක මුදල් හා රුපියල් ලක්‍ෂයක් වටිනා ශරීර ඇපමත මුදා හැරිණි.
සැකකරු වෙනුවෙන් නීතිඥ වසන්ත රණසිංහ මහතා පෙනී සිටියේය.

Share this Post Share to Facebook

Gossip Lanka - eThalaya

Wonder Discovery

Photos