වීඩියෝ දර්ශන ඇතුළත් කිරීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවිය අනුගමනය කරන ප්‍රතිපත්ති සම්පූර්ණයෙන් වෙනස් කිරීමට තීරණය කර තිබේ.
ඊට හේතු වී ඇත්තේ, කාන්තාවකගේ ගෙළ කපා දමන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ෆේස්බුක් වෙබ් අඩවියට ඇතුළත් කර තිබීම ය.
ඒ අනුව, එවැනි අපරාධ හෝ මනස ව්‍යාකූල වන ආකාරයේ වීඩියෝ ඇතුළත් කිරීමේදී පනවා තිබූ කොන්දේසි දැඩි කිරීමට ෆේස්බුක් සමාගම පියවර ගෙන ඇතැයි එම සමාගම නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.