“මම විදේශගත වී සිටියදී මගේ බිරිඳ නිවස හදන්න ආපු බාස් කෙනෙක් වූ ප‍්‍රදීප් නැමැත්තෙකු එක්ක අනියම් සම්බන්ධයක් ඇතිකර ගෙන ඔහු සමග හොර රහසේ විවාහ වෙලා. නමුත් ඇගේ මවට (නැන්දම්මාට) මේ සිද්ධි ආරංචි වෙලා. ඒවාට විරුද්ධ වුණ නිසා ඇයව මරා දමලා. අතුරුදන් වුණැයි කියා පොලීසියට පැමිණීලිත් කරලා” යැයි කොට්ටාව, කටුකුරුන්ද සමගි මාවතේ පදිංචිව සිට මීට වසර දෙකකට පමණ පෙර අතුරුදන් වූ බව කියන රෝහිණි පෙරේරා නැමැති හැටපස් හැවිරිදි කාන්තාවගේ බෑනා වූ එන්. දයාරත්න මහතා පැවසුවේය.
අතුරුදහන් වූ කාන්තාවගේ මළ සිරුර පසුගියදා ඇය පදිංචිවී සිටි නිවසේ වැසිකිළි වළක දමා තිබියදී පොලීසිය විසින් ගොඩගනු ලැබිණ.
මෙම සිරුර ගොඩ ගන්නා විට එය රෙද්දකින් ඔතා ගැට ගසා තිබිණ.රෙද්දෙන් ඔතන ලද සිරුර වැසිකිළී වළට දැමීමට සාරියක් භාවිතා කර තිබිණ. සිරුර වැසිකිළී වළට දමා කිසිවෙකුට සැකයක් ඇති නොවන පරිද්දෙන් වළ මත බලූ කූඩුවක්ද සකස් කර තිබිණ.මෙලෙස ඝාතනයට ලක්වී තිබෙන රෝහිනී පෙරේරා මහත්මියට ගැහැණූ දරුවන් තිදෙනෙක් හා එක් පිරිමි දරුවෙක් සිටී. අය සිය බාල දියණීය වන දනූෂා නිලන්ති සමග කටුකුරුන්ද සමගි මාවතේ පිහිටි මහගෙදර ජීවත්වී ඇති අතර දනූෂාගේ දියණියන් දෙදෙනාද ඔවුන් සමග එහි වාසය කර ඇත. ඔවුන් අවුරුදු 14 හා 18 වයස්වල පසුවේ. ආච්චි අම්මා අතුරුදහන් වූ දිනයට පෙර දිනයේ අසනීප වී සුදු රෙද්දක් පොරවා ගෙන ඇඳේ දිගාවි සිටිනවා තමන් දුටු බවත්, පසුදා සිට ඇය නිවසේ නොසිටි අතර ආපසු නොපැමිණී බවත් දනූෂාගේ බාල දියණීය පොලිසියට පවසා ඇත.
මව අතරුදහන්ව මසකට පමණ පසුව දනූෂා විසින් කොට්ටාව පොලිසියට පැමිණිල්ලක් කර තිබේ. පසුව රෝහලටවල මෘත ශරීරාගාරවල පවා ගොස් සොයා බෑලූ බවත් ඇගේ ඥාතිහු පවසති. මව ඝාතනය කළ දනූෂා සිය අනියම් සැමියා සමග ඵීවාහවී මෙම නිවසේම පදිංචිව සිට ඇති අතර ඒ කිසිවක් පියාට දැන්වුවහොත් මරණ බවට දරුවන්ටද තර්ජනය කර ඇති බවද දනූෂාගේ නීත්‍යාණුකූල සැමියා වන දයාරත්න පවසයි.“මම 2006 දියි මුලින්ම විදේශගත වුණේ. ඒ සෞදි අරාබියේ රියදුරෙක් හැටියට. ඊට පස්සේ මම 2008දී
ලංකාවට ආවා. ඇවිත් මාස කිහිපයක් ලංකාවේ ඉඳලා ආපහු රට ගියා. මගේ බිරිඳ අනියම් සම්බන්ධතා ඇතිකර ගත්තේ මේ මේසන් බාස් එක්ක විතරක් නෙවෙයි. මා දන්නා තරමට මේ තුන්වැනියා. මම අවසන් වරට ලංකාවට ආවේ 2012 අපේ‍්‍රල් මාසයේදියි. ඒ එනකොටත් නැන්දම්මා (බිරිඳගේ මව) අතුරුදහන් වෙලා. මෙයාලා නැන්දම්මාට පිස්සු තියෙනවා කියන්න බොරුවට ඇගේ කාමරයේ බිත්තර තබා ඒවායේ විවිධ නම් ලියා පොලිසිය නොමග යවා තිබෙනවා” යැයි දයාරත්න මහතා පැවසුවේය.දනූසා සිය සැමියා වන එන්. දයාරත්න මහතා ලංකාවට පැමිණී පසු ටික දිනකින්ම අනියම් සැමියා සමග හොර රහසේ පිට වී ගොස් ඇත. එසේම ඊට පෙර අවස්ථා කිහිපයකදීම සිය නිත්‍යානුකූල සැමියා වන තමා මරා දැමීමට උත්සාහ කළ බවද දයාරත්න මහතා පොලීසියට පවසා ඇත. ඒ පිළිබඳ සැකය මත මතු ආරක්ෂාව සඳහා දයාරත්න මහතා කොට්ටාව පොලීසියේ පැමිණිල්ලක්ද කර තිබේ. සැකකාරිය සහ අනියම් සැමියා යැයි කියන මේසන් බාස් තිස්සමහාරාම ප‍්‍රදේශයේ සැඟ වී සිටින බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලීසිය පවසයි.
“2012 මම ලංකාවට ආවට පස්සේ ගෙදරට ආපු බාස් කෙනෙක් කිව්වා අම්මා මරලා වැසිකිළි වළට දාලා තියෙනවා. පුළුවන් නම් බලන්න. මම ඕන තැනක සාක්කි දෙන්නම් කියලා. ඔහු දුරකතන අංකත් දීලා ගියා. පසුව මම ඒ ගැන පොලීසියට පැමිණිලි කළා. ඒ මට මතක විදිහට 2012 ඔක්තෝම්බර්වල. පොලීසිය ඒ අයගෙන් කට උත්තරත් අරන් පරීක්ෂණයක් කළා.
නමුත් මොන හේතුවක් නිසාද මම දන්නේ නැහැ මේ වළ ඇරලා කවුරුවත් බැලූවේ නැහැ. ඒ වෙනුවට මම පවුලට ලැජ්ජා කරනවා කියලා පොලිසියේ පැමිණීලි කර මාව ගෙදරින් එළියට දාන්නත් හැදුවා. වැසිකළි වළ අරින තුරුමම එළියට බහින්නේ නැහැ කියලයි මේ විදිහට හිටියේ. මම කියන දේ නැන්දම්මාගේ පුතාවත් විශ්වාස කළේ නැහැ. මාව විශ්වාස කළේ දනූෂාගේ දිවුලපිටියේ පදිංචිව සිටින අක්කා පමණයි. පසුව මම ඇගේ සැමියාට මේ තොරතුරු කිව්වාම එයා ඇවිත් හෝමාගම උසාවියේ වැඩ කරන උපාලි සේනාරත්න නීතිඥ මහත්තයාට කියලා උසාවි නියෝගයක් ලබා ගත්තා වැසිකිළී වළ ඇරලා බලන්න. ඊට පස්සේ මේ වළ ඇරලා මිනිය තිබෙන බව තහවුරු කර ගත්තා” යැයි රෝහිණී පෙරේරාගේ බෑනා වැඩිදුරටත් පැවසුවේය.
මෙම ඝාතනයට රෝහිණි පෙරේරාගේ බාල දියණිය හා ඇගේ අනියම් සැමියා සම්බන්ධ යැයි සැක කළ හැකි බවත්, ඒ සම්බන්ධව තෙරතුරු රැසක් ලැබී තිබෙන බවත් පොලිසිය පවසයි. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් තිබෙන බවත් ඒ සඳහා මහජන සහය පතන බවත් හෝමාගම දකුණ සහකාර පොලිස් අධීකාරී ඞී. එස්. ද එස්. සේනාපති මහතා පැවසුවේය. මේ පිළිබඳ කොට්ටාව පොලීසිය හා මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල රෝහලේ දී සිදුකළ අතර සිරුරෙහි ඇට කටු පමණක් පැවැති බැවින් උඩු ඇන්දේ හා යටි ඇන්දේ දත් පිහිටීම අනුව ඒ රෝහිණි පෙරේරා මහත්මියගේ මළ සිරුර බවට ඥාතීහු හඳුනා ගෙන ඇත.
ඡායාරූවලින් දැක්වෙන්නේ ඝාතනයට ලක් වූ රෝහණී පෙරේරා මහත්මියගේ සිරුර වැසිකිලි වළෙන් ගොඩගත් ආකාරය හා ඇගේ බෑනා වූ දයාරත්න මහතා සිද්ධිය හෙළිදරව් කළ අන්දමයි.
( ස්තුතිය- ලක්බිම)






